පාස්කු ඉරිදා සංහාරය: සත්‍ය හෙළි කරන ලෙස ඉල්ලා සිදු කෙරෙන ජනතා විරෝධයට සහයෝගය පළ කරමු!
ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය: ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය සහ ආසියානු කොමියුනය කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගිය 17 වනදා මාධ්‍ය හමුවක් පවත්වමින් ආයාචනා කර සිටියේ පාස්කු ඉරිදා සංහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සදහා සත්‍ය හෙළි කරන ලෙස රාජ්‍ය පාලකයන්ට බල කෙරෙන මිනිස් දම්වැලක් ලෙස ජාති ආගම් භේදයකින් තොරව 2023 අප්‍රේල් 21 සිකුරාදා කොළඹ කොච්චිකඩේ සිට මීගමුව දක්වා පාර දෙපස පෙළ ගැසෙන ලෙසයි. කාදිනල් හිමිපාණන්ගේ මෙම ඉල්ලීමට කොන්දේසි විරහිතව පූර්ණ සහය දක්වන ශ්‍රී ලංකාවේ සමාජවාදි පක්ෂය හා ආසියානු කොමියුනය රටේ අනාගත යහ පැවැත්ම සදහාවූ මෙම ජනතා විරෝධයට එක්වන ලෙස සියලුම යුක්තිය අගයන අවංක හා සාධාරණ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිමු. ශ්‍රී…