මිනිස් වර්ගයාගේ අනාගත පැවැත්ම නිගමනය වනුයේ ලෝක කම්කරු පංතියේ සටන් සමගිය තුළින් පමණකි!

කම්කරුවෝ ලෝකය වෙනස් කරති! ලොව පුරා කම්කරුවන් විසින් මැයි දිනය සැමරීමේ අරමුණ වනුයේ ලෝකයේ කම්කරු අරගල යළි සිහිපත් කිරීමත්, කම්කරු අයිතීන් රැක ගැනීමට සහ සූරාකෑමට ඒරෙහිව අරගලය කිරීමට ඇති කැපවීම යළි යළිත් අවධාරණය කිරීම වන්නේය.  ඉතිහාසය පුරාම ලෝක කම්කරු පංතිය සාධාරණ වැටුපක්, හොද සේවා තත්ත්වයන්, සමාජ සුරක්ෂිතභාවය සහ ගෞරවාන්විතව වැඩ කිරීමට ඇති අයිතිය වෙනුවෙන් අරගල කර ඇත. අද ලොව පුරා සෑම රටකම ධනපති පාලකයෝ මෙම අයිතීන් යටපත් කිරීමට උත්සාහ දරමින් සිටිති. ධනපති හාම්පුතුන්ට හිතුමතේ සේවා තත්ත්වයන් හැසිරවීම සදහා අවකාශ දීමට, විශ්‍රාම වැටුප් ක්‍රම අහෝසි කිරීමට, තරුණ පරම්පරාවට රැකියා අවස්ථාවන් අහිමි…

අවතාරයක් යුරෝපයේ හොල්මන් කරයි – එය නූතන කොමියුනිස්ට් වාදයේ අවතාරයයි!

දොන් සමන්ත විසිනි පසුගිය මාස කිහිපය පුරාවට සමස්ථ යුරෝපය පුරාම මහ වැඩවර්ජන රැල්ලක් හමා යමින් තිබේ. ඇත්ත වශයෙන්ම මෙම වර්ජන රැල්ලේ කේන්ද්‍රය ප්‍රංශය බව සිතිය හැක. සත්‍ය වශයෙන්ම ජීවන වියදම වැඩිවිම සහ වෘත්තීය අයිතින් කප්පාදුවට එරෙහිව සහ සුභ සාධන කප්පාදුවට එරෙහිව යුරෝපීයන් යුධ ප්‍රකාශ කර ඇත. ආසන්න පසුගිය දින 40 ක කාලයෙන් දින 12 ක් ප්‍රංශයේ වැඩ වර්ජනය කර ඇත. මෙම ලියුම්කරුද  මෙම වැඩ වර්ජනයට රාජ්‍ය අංශයේ අධ්‍යාපනික වෘත්තීය සමිති ක්‍රියාකරුවෙකු ලෙස දායකත්වය දී ඇත. මුළු මහත් ප්‍රංශ ජනතාවත් සියළුම වෘත්තීය සමිති සාතිශය බහුතරය ප්‍රංශ ජනපතිගේ  නව විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරනයට…

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය! 2023 අප්‍රේල් 21 වන දින පුරවැසි ක්‍රියාව සමඟ CMU සහයෝගයෙන් සිට ගනී!

ලංකා වෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමයේ (CMU) ප්‍රකාශය පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය! 2023 අප්‍රේල් 21 වන දින පුරවැසි ක්‍රියාව සමඟ CMU සහයෝගයෙන් සිට ගනී! කාදිනල් හිමිපාණන් ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ කතෝලික සභාව විසින්, “අප්‍රේල් 21 සිකුරාදා පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට සත්‍යය සහ යුක්තිය ඉල්ලා ජනවාර්ගික හෝ ආගම් භේදයකින් තොරව ශක්තිමත් මිනිස් දාමයක් නිර්මාණය කිරීම සඳහා පුරවැසියන් වෙත කරන ලද ඉල්ලීම”ට ලංකා වෙළඳ, කාර්මික සහ පොදු සේවක සංගමය (CMU) සිය සහයෝගය ප්‍රකාශ කර සිටී. පුද්ගලයන් 272 දෙනෙකුට මරු කැඳවමින් ශ්‍රී ලංකාව පුරා පාස්කු ඉරිදා පල්ලි සහ හෝටල්වල රැස්ව සිටි…

Carnage on Easter Sunday: Let’s support the public protest demanding the truth to be revealed!

Joint Press Statement by Socialist Party of Sri Lanka and Asia Commune. Carnage on Easter Sunday: Let’s support the public protest demanding the truth to be revealed! Colombe Archbishop Cardinal Malcom Ranjith on 17th April, called upon all citizens of Sri Lanka, irrespective of their racial or religious differences to unite with victims of Easter Sunday Carnage to create a strong human chain, on Friday 21st April, from Colombo to Negombo to call upon the truth and justice for the victims of Easter Sunday carnage. We, Socialist Party of Sri…

ஸ்ரீலங்கா சோசலிஸ்ட் கட்சி மற்றும் ஆசியா கம்யூன் ஆகியவற்றின் கூட்டு செய்தி அறிக்கை.

ஈஸ்டர் ஞாயிறு படுகொலை:உண்மையை வெளிக்கொணரக் கோரும்  பொதுமக்களின் போராட்டத்திற்கு ஆதரவளிப்போம்! கொழும்பு பேராயர் கர்தினால் மல்கோம் ரஞ்சித் அவர்கள், இன, மத பேதமின்றி,ஏப்ரல் 21 ஆம் திகதி வெள்ளிக்கிழமை கொழும்பிலிருந்து நீர்கொழும்புக்கு ஈஸ்டர் ஞாயிறு படுகொலையில் பாதிக்கப்பட்டவர்களுடன் ஒன்றிணைந்து ஈஸ்டர் ஞாயிறு படுகொலையில் பாதிக்கப்பட்டவர்களுக்கான உண்மையும் நீதியும் கோரி வலுவான மனிதச் சங்கிலியை உருவாக்குமாறு இலங்கையின் அனைத்து குடிமக்களுக்கும்  அழைப்பு விடுத்துள்ளார்.  பேராயர் கர்தினால் மல்கம் ரஞ்சித்தின் இந்தக் கோரிக்கையை இலங்கை சோசலிஸ்ட் கட்சி மற்றும் ஆசியா கம்யூன் ஆகிய நாங்கள் நிபந்தனையின்றி ஆதரிக்கிறோம். எமது நாட்டு மக்களின் எதிர்கால நல்வாழ்வுக்காக இந்த பொது ஆர்ப்பாட்டத்தில் கலந்துகொள்ளுமாறு இலங்கையின் நீதியை விரும்பும், நேர்மையான மற்றும் நியாயமான குடிமக்கள் அனைவரையும் அழைக்கிறோம். இலங்கையில் ஈஸ்டர் ஞாயிறு படுகொலைகள் நடைபெற்று 4 வருடங்கள் கடந்துள்ள போதிலும், அந்த படுகொலையில் பாதிக்கப்பட்டவர்களுக்கும் அவர்களது குடும்பங்களுக்கும் நீதி…

පාස්කු ඉරිදා සංහාරය: සත්‍ය හෙළි කරන ලෙස ඉල්ලා සිදු කෙරෙන ජනතා විරෝධයට සහයෝගය පළ කරමු!

ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය: ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය සහ ආසියානු කොමියුනය කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගිය 17 වනදා මාධ්‍ය හමුවක් පවත්වමින් ආයාචනා කර සිටියේ පාස්කු ඉරිදා සංහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම සදහා සත්‍ය හෙළි කරන ලෙස රාජ්‍ය පාලකයන්ට බල කෙරෙන මිනිස් දම්වැලක් ලෙස ජාති ආගම් භේදයකින් තොරව 2023 අප්‍රේල් 21 සිකුරාදා කොළඹ කොච්චිකඩේ සිට මීගමුව දක්වා  පාර දෙපස පෙළ ගැසෙන ලෙසයි. කාදිනල් හිමිපාණන්ගේ මෙම ඉල්ලීමට කොන්දේසි විරහිතව පූර්ණ සහය දක්වන ශ්‍රී ලංකාවේ සමාජවාදි පක්ෂය හා ආසියානු කොමියුනය රටේ අනාගත යහ පැවැත්ම සදහාවූ මෙම ජනතා විරෝධයට එක්වන ලෙස…

වසන්ත දිසානායක:  දශක පහක දේශපාලනයේ ආපසු හැරී බැලීමක්..

වසන්ත දිසානායක; අඩ සිය වසකටත් වැඩි කලක් සමාජ වෙනසක් වෙනුවෙන් සිය අරගල කරන සටන්කරුවෙක්. ආයුධ සන්නද්ධ ගරිල්ලෙකු ලෙස ‘71 දකුණේ සිංහල තරුණ අරගලයට එක්වූ ඔහු පසුව අත්අඩංගුවට පත්ව සිරගත වී නිදහස් වීමෙන් අනතුරුව ජනතා සංගමයේ නායකයෙක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක නිරත විය. ‘89 දකුණේ සිංහල තරුණ කැරැල්ලේ දී  ද්‍රෝහියෙකු ලෙස සළකු වසන්ත දිසානායකට මරණීය තර්ජන එල්ල වුවද දිවි ගලවා ගැනීමට සමත් වූ ඔහු මෑත කාලීනව  “ජාතික ජන බලවේගය“ බිහිකිරීමට මුල්වී පසුව මතවාදීමය හේතුමත ඉන් ඉවත් විය. මේ ඉකුත් දශක පහේ උතුරේත්,  දකුණේත් පැන නැගුනු ජනතා අරගල සහ මෑතක පැන නැගුනු “ගෝල්ෆේස්…

ග්‍රීසියේ වහලුන් වෙනුවෙන් ස්පාටකස් කළා වගේ මනුෂ්‍යත්වය නූතන වහල් භාවයෙන් ගලවා ගන්න කරන උදාර සටනක් අවශ්‍යයි!

ඥානසිරි කොත්තිගොඩ විසිනි රටක ආර්ථික සංවර්ධනය ඇතිවුනාම සමාජීය සංවර්ධනය ඇතිවෙනව. ඒ සමාජ සංවර්ධනය එක්ක නැවත ආර්ථික සංවර්ධනයක් ඇතිවෙනව. මේක සර්පිලාකාරව තමයි සිදුවෙමින් යන්නෙ. හැබැයි මෙයින් ආර්ථිකයද, නැතිනම් සමාජ සංවර්ධනයද පළමුව සිදුවෙන්න ඕන කියල නියතයක් නැහැ. නමුත් සිය‍යට අසූවක් වගේ සිදුවෙලා තිබෙන්නෙ පළමුව ආර්ථිකය ගොඩනැගීම. ඒ වගේම අපට පෙනෙනව ආර්ථික දියුණුවෙන් පස්සෙ ඇතිවන සමාජ ආකල්ප, සමාජ සංවර්ධනය මනුෂ්‍ය වර්ගයාගේ ඉදිරි ගමනට, සාමූහිකත්ව‍යට රුකුලක් වෙලා තිබෙනව කියල. එහෙම වෙන්න හේතුව මොකක්ද?  කෑම්බීම්, ඉඳුම් හිටුම්, සෞඛ්‍ය, අධ්‍යාපනය කියන මනුෂ්‍යයන්ගේ මූලික අවශ්‍යතා ලෙස පිළිගැනෙන මේ කාරණා රටක ආර්ථික දියුණුවත් එක්ක හැම දෙනෙකුටම ලැබෙනව. එවැනි…