Month: July 2023

කැලණිය විජය වීරසේකර සහෝදරයාගේ අභාවය පිලිබඳව අපගේ ආචාරය

කැලණිය විජය වීරසේකර සහෝදරයාගේ අභාවය පිලිබඳව අපගේ ආචාරය

විජය වීරසේකර සහෝදරයා වාමාංශික විප්ලවකාරී දේශපාලනය තම දර්ශනය කර ගෙන ජීවන රටාව වෙනස් කරගත් අයෙකි. මාක්ස්වාදී දර්ශනය පිලිබඳව දැඩි විශ්වාසයකින් යුතුව හැදෑරු ඔහු සමාජය වෙනස් කිරීම තම ජීවන පරමාර්ථය ලෙස සලකා තම ජීවන පැවැත්මද වෙනස් කර ගත් අයෙකි. අනාගත ලෝකයේ වෙනස්වීම් ගැන අනෙක් සගයන් වෙත උපදෙස් දෙමින් නිරන්තරයෙන් වාදවිවාදයන්ට එලඹීම හා තියුණු වාග් ප‍්‍රහාරයන්ගෙන් ප‍්‍රතිවාදීන් මෙල්ල කර ගැනීමේ සුවිශේෂ දක්ෂකම් රැසක් විජයගේ චරිතය තුල දිස්විය. ආහාර දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකරුවෙක් ලෙස සිටිමින් 1980 මහ වැඩවර්ජනයට එක්වූ විජය නව සමසමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙක් මෙන්ම කැළණිය ශාඛාවේ ලේකම්වරයාද විය. රජයේ ලිපිකරු සේවා සංගමයේ මධ්‍යම කාරක සභිකයෙක් ලෙසද කටයුතු කලේය. 1983 ජූලි කලබල…
Read More
කොබෝල්ට් තදබදයෙන් විපතට පත් වූවන් පිළිබදව FRANCE 24 හි  විමර්ශනය කරයි.

කොබෝල්ට් තදබදයෙන් විපතට පත් වූවන් පිළිබදව FRANCE 24 හි විමර්ශනය කරයි.

අද සමස්ත ලෝකයම මුහුණ දී ඇති දේශගුණික අර්බුදය මධ්‍යයේ විදුලි මෝටර් රථ පිරිසිදු බලශක්ති ප්‍රභවයක් වශයෙන් හුවා දැක්වීමට මෝටර් රථ නිශ්පාදනයේ යෙදී සිටින බලවත් රටවල් හා සමාගම් උත්සාහ කරමින් සිටිති. පුද්ගලික භාවිතයට යොදා ගන්නා මෝටර් රථ නිපදවීම වෙනුවට පොදු ප්‍රවාහන සේවය දියුණු කිරීම හා ව්‍යාප්ත කිරීම බැහැර කර ඇති බලවත් ජාතීන් හා සමාගම් විදුලි මෝටර් රථය විසදුමක් ලෙස ඉදිරිපත් කර ඇත. මෙහි අරමුණ වනුයේ ධනපති සමාගම්වල ලාභ අනුපාතය උපරිම කර ගැනීම මිස දේශගුණික අර්බුදයට විසදුමක් ගෙන ඒ්ම නොවේ.  මෙම විදුලි කාර් බැටරි සඳහා අවශ්‍ය ඉතා උපාය මාර්ගික ඛනිජයක් වනුයේ කොබෝල්ට් ය.  විශේෂයෙන් ලෝකයේ විශාලතම කොබෝල්ට් සංචිත ඇත්තේ  ඩී.ආර්. කොන්ගෝ නැතහොත්…
Read More
ඉන්දියානු ඉතිහාසයේ ප්ලාසි සටන සහ එහි වැදගත්කම!

ඉන්දියානු ඉතිහාසයේ ප්ලාසි සටන සහ එහි වැදගත්කම!

ක්‍රිස්තු වර්ෂ 1757 ජූනි 23 වන දින රොබට් ක්ලයිව්ගේ නායකත්වයෙන් යුත් 3000 දෙනෙකුගෙන් යුත් බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දියා සමාගම් හමුදාවක් විසින් ඉන්දියාවේ - බෙංගාලයේදී සිදුවූ  ප්ලාසි සටනේදී එහි ප්‍රමාණය මෙන් දෙගුණයක් ඉන්දියානු හමුදාවක් පරාජය කරන ලදී. මෙම සටන බෙංගාලයේ ප්ලාසි නගරය ආසන්නයේ සිදු වූ අතර ඉදිරි ශත වර්ෂ ගණනාවක් පුරා මුළු උප මහද්වීපයේම ඉරණම මෙම සටන මගින් තීරණය කළේය. මෙම ලිපියෙන් අප උත්සාහ කරනුයේ මෙම වැදගත් සටනේ කෙටි ඉතිහාසය සහ ඉන්දියාවට සහ ලෝකයට එහි වැදගත්කම දෙස සලකා බැලීමටය.. ප්ලාසි සටන පිළිබඳ දළ සටහනක් ප්ලාසි සටන ක්‍රිස්තු වර්ෂ 1757 ජූනි 23 වැනි දින බෙංගාලයේ ප්ලාසි නගරය ආසන්නයේදී සිදු විය. රොබට් ක්ලයිව්ගේ නායකත්වයෙන්…
Read More