වත්මන් අර්බුදය හමුවේ සමාජවාදීන්ගේ කාර්යභාරය කුමක්ද?

එහෙත් රුසියානු විප්ලවයෙන් ඉගෙන ගැනීමට කිසිවක් නොමැති බව මින් අදහස් නොවේ. 1917 දී ජයග්‍ර‍ණයටයට පත් වූ රුසියානු විප්ලවවාදී ව්‍යාපාරය වැදගත් හා කල් පවත්නා පාඩමක් ලෝක කම්කරු පංතියට ලබාදී ඇත. එනම් “ධනවාදය සදාකාලික නොවේ, එය පෙරළා දැමිය හැකිය“ යන්නයි. අත්තනෝමතික මර්දනකාරී පාලනයක් යටතේ ඊට එරෙහිව සංවිධානය වීම සහ වර්තමාන සුභසාධන රාජ්‍යයන් අතර නාටකාකාර වෙනස්කම් තිබුණද, රුසියාවේ මහජන කම්කරු ව්‍යාපාර තුළ සමාජවාදය මුල් බැස ගැනීමට හේතු සාධකවූ, රුසියානු සමාජවාදීන්ගේ ප්‍රබෝධමත් සහ කැපී පෙනෙන ලෙස සාර්ථක වූ ප්‍රයත්නයන්ගෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ ඉතිරිව තිබේ.

සම්ප්‍ර‍දායික වශයෙන්, සමාජවාදීන්ගේ කාර්යභාරය වනුයේ වත්මන් ධනවාදයේ පවතින පද්ධතිවලට අභියෝග කිරීම, විවේචනය කිරීම සහ සමානාත්මතාවය, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණත්වය සඳහා ප්‍රමුඛත්වය දෙන විකල්ප ආර්ථික හා සමාජ විධිවිධාන වෙනුවෙන් පෙනී සිටීමයි.

නිෂ්පාදනය, බෙදා හැරීම සහ හුවමාරු කිරීමේ මාධ්‍යයන් සමස්ත ප්‍රජාවට අයිති හෝ ප්‍ර‍ජා සංවිධාන විසින් නියාමනය කරනු ලබන සමාජයක් වෙනුවෙන් සමාජවාදීහු පෙනී සිටිති. විශේෂිත සන්දර්භයන් අනුව ඔවුන්ගේ කාර්යභාරය වෙනස් වන නමුත් සාමාන්‍යයෙන් ඇතුළත් වන්නේ:

1. **ආර්ථික සමානාත්මතාවය සඳහා පෙනී සිටීම**: 

සමාජවාදීන් බොහෝ විට ආදායම් සහ ධන අසමානතාවය අඩු කරන ප්‍රතිපත්ති සහ පද්ධති සඳහා උද්ඝෝෂණ කරති. මෙයට ප්‍රගතිශීලී බදුකරණය, ධනය යලි බෙදා හැරීම හෝ සෞඛ්‍ය හා අධ්‍යාපනය වැනි සමාජ සේවා සැපයීම හෝ ඇතුළත් විය හැක.

සමාජවාදීන් සාමාන්‍යයෙන් කම්කරුවන්ගේ හා පීඩිත ජනතාවගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා සඳහා ප්‍රමුඛත්වය දෙයි. කම්කරුවන් සූරාකෑමෙන් ආරක්ෂා කරන, සාධාරණ වැටුප් සඳහා පෙනී සිටින සහ කම්කරු සංගම් පිහිටුවීමට සහාය දෙන කම්කරු නීති පද්ධතියක් සඳහා සමාජවාදීහු අරගලය කරති.

රැකියා විරහිතයන්, වැඩිහිටියන් සහ ආබාධිතයන් ඇතුළු සමාජයේ වඩාත්ම අවදානමට ලක්ව ඇති සාමාජිකයින් සඳහා ආරක්ෂිත වැඩ පිළිවෙලක් සැපයීම සඳහා සමාජ සුබසාධන වැඩසටහන් පුළුල් කිරීම හා ප්‍රවර්ධනය කිරීම ‍සඳහා සමාජවාදීහු නිරන්තරයෙන්ම ක්‍රියා කරති.

4. **මහජන අයිතිය සහ පාලනය**: 

සෞඛ්‍ය සේවා, ප්‍රවාහනය, බලශක්තිය සහ උපයෝගිතා වැනි ප්‍රධාන කර්මාන්ත සහ සේවාවන් ජනසතු කිරීම හෝ පොදු අයිතිය යටතේ පවත්වා ගැනීම හෝ වෙනුවෙන් සමාජවාදීහු පෙනී සිටිති. මෙම සම්පත් පුද්ගලික ලාභය සඳහා නොව සමස්ත සමාජයේ අවශ්‍යතා සඳහා භාවිතා කිරීම සහතික කළ යුතු බව ඔවුහු විශ්වාස කරති.

5. **ප්‍රජාතන්ත්‍රවාදී සහභාගීත්වය**: 

බොහෝ සමාජවාදීන් දේශපාලන හා ආර්ථික ක්ෂේත්‍ර දෙකෙහිම ප්‍රජාතන්ත්‍රවාදී තීරණ ගැනීමේ වැදගත්කම අවධාරණය කරයි. ඔවුහු කම්හල්වල සහ සේවා ස්ථානවල ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින්නාහ. එහිදී කම්කරුවන්ට තම සේවා ස්ථානවල කළමනාකරණය සහ මඟපෙන්වීම මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී සහභාගීත්වය ඉහළ නැංවීම සඳහා පුළුල් දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් හඬ නඟනු ඇත.

6. **ජාත්‍යන්තර සහයෝගීතාවය**: 

සමාජවාදීහු බොහෝ විට දේශසීමා හරහා කම්කරුවන් සහ පීඩිත කණ්ඩායම් අතර ජාත්‍යන්තර සහයෝගීතාවයට සහාය දක්වති. ඔවුහු අධිරාජ්‍යවාදයට විරුද්ධවත්, සාධාරණ වෙළඳ ප්‍රතිපත්ති වෙනුවෙන්ද පෙනී සිටින අතර ගෝලීය වශයෙන් සමාජ සාධාරණත්වය සහ විමුක්තිය සඳහා වූ ව්‍යාපාරවලට සහාය දක්වති.

මේ ආකාරයෙන් සමාජවාදය අපේක්ෂා කරන ඕනෑම සංවිධානයක් වේ නම්, ඔවුන්ගේ හෝ එම සංවිධානයේ කාර්ය විය යුත්තේ කම්කරු පන්ති බලය ගොඩනැගීමට කටයුතු කිරීම ය. සමාජවාදය සඳහා වූ උපාය මාර්ගයක් වශයෙන් මෙම කාර්ය ඉටු කරන්නේ කෙසේද යන්න අද අප හමුවේ ඇති ගැටළුව වන්නේ ය.

සාමාන්‍යයෙන් කම්කරු පංතිය සංවිධාන වනුයේ වෘත්තීය සමිති තුළය. එහෙත් වෘත්තීය සමිති යනු ස්වභාවයෙන්ම ප්‍රතිසංස්කරණවාදී සංවිධාන වන්නේය.‍ වෘත්තීය සමිතියක අරමුණ වනුයේ ධනපති සූරාකෑම අවසන් කිරීම නොව, වැටුප් වැඩිකර ගැනීම, වඩා හොඳ සේවා තත්ත්වයන් ලබා ගැනීම සහ වඩා හොඳ ප්‍රතිලාභ ලබා ගැනීම ය.‍ වෙනත් වචනවලින් කිවහොත් වඩාත් වාසිදායක තත්වයන් යටතේ ශ්‍ර‍ම ශක්තිය විකිණීම වන්නේය. 

එනමුත්, වෘත්තීය සමිති යනු ප්‍රාග්ධනයේ ආධිත්‍යයට එරෙහිව සිට ගන්නා වූ පළමු බලඇණියද වන්නේය. වත්මනේ බොහොමයක් වෘත්තීය සමිති පාලනය කරනු ලබන්නේ වෘත්තීය සමිති නිලධාරි ස්ථරයක් විසිනි. ඔව්හු බොහෝ විට උනන්දු වනුයේ කම්කරුවන්ගේ අවශ්‍යතාවයන් ලබා දෙනවාට වඩා  තමන්ගේ ප්‍රතිලාභ වැඩිකර ගැනීමටය.‍ මෙම වෘත්තීය සමිති නිලධාරිවාදය ලෝකයේ බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද අසාමාන්‍ය මට්ටමට වර්ධනය වී ඇත. 

එපමණක් නොව ලෝකය පුරාම වෘත්තීය සමිති සාමාජිකත්වයද ඓතිහාසිකව ඉතා පහළ මට්ටමකට ඇද වැටී ඇත. එහෙත් ලොව පුරා තවත් මිලියන ගණනක් කම්කරුවෝ ඉහත කී දුර්වල තත්ත්වයන් නොතකමින් තමන්ගේ බල මධ්‍යස්ථාන වශයෙන් වෘත්තීය සමිතිවල සාමාජිකත්වය දරති. වෘත්තීය සමිති යනු, පාලකයන් සමඟ ප්‍රශ්න ඇති වූ විටත්‍, තම අයිතීන් රැක ගැනීමට අවශ්‍ය වූ විටත්, හොඳ වැටුප් තත්වයන් ලබාගැනීමටත් කම්කරුවන් ඒකරාශි වන්නා වූ සංවිධාන වන්නේය. එමෙන්ම මෙම කම්කරුවන් සමාජවාදී හා විප්ලවවාදී දේශපාලනයට අවතීර්ණ වනුයේ ද මෙම ප්‍රාථමික පන්ති අරගල හරහා වන්නේය. අරගල කිරීම සඳහා කම්කරුවන් ගොඩනඟා ගන්නා වූ කම්කරුවන්ගේ ස්වභාවික සංවිධාන තුළ අප සහභාගි නොවන්නේ නම්, අර්ථවත් අත්දැකීම් ලබාගැනීමටත්, සහෝදර කම්කරුවන් සමග අදහස් හුවමාරු කර ගැනීමටත් ඇති අවස්ථාවන් අප මඟ හැරියා වන්නේය. එමනිසා මෙම සංසිද්ධීන් දෙක කෙරෙහි අපි යළිත් අවධාරණය කළ යුත්තේය. එනම්‍, වෘත්තීය සමිතිවල ස්වභාවයෙන්ම පවතින ප්‍රතිසංස්කරණවාදී ලක්ෂණයන් හා කම්කරුවන්ගේ සංවිධාන සමඟ බද්ධ වී කම්කරු අරගලවලට සහභාගී වීමේ අවශ්‍යතාවයත් ය. 

ඊළඟට මතුවන ප්‍රශ්නය වනුයේ වෘත්තීය සමිති පන්ති අරගල සංවිධාන බවට හරවන්නේ කෙසේද? යන්නයි.‍ එහි පළමු පියවර වනුයේ වෘත්තීය සමිති තුළ පවතින නිලධාරිවාදී නායකත්වයට එරෙහිව අරගලයයි. නිලධාරිවාදය අනිවාර්යයෙන් පැවතිය යුතු යක්ෂයෙක් හෝ වෘත්තීය සමිතිවල වර්ධනයේදී නොවැලැක්විය හැකි ලෙස පැන නගින තත්වයක් හෝ නොවන බව තේරුම් ගැනීම මෙහිදී ඉතා වැදගත් වන්නේය. 

වෘත්තීය සමිති නිලධාරිවාදය යනු සමාජ ස්ථරයක් තුළ මතුවී ඇති පුද්ගල භාවයක් වන අතර විශේෂිත අරමුණු ඉටුකිරීමට කුලියට ගන්නාවූ පුද්ගලයෝ වන්නාහ. යම් සැලකිය යුතු ප්‍රමාණයකට වර්ධනය වූ සෑම ‍වෘත්තීය සමිති සංවිධානයකටම ස්ථිර පරිපාලන කාර්ය මණ්ඩලයක් අවශ්‍ය වන්නේය. එහෙත් ප්‍රශ්නය මතුවනුයේ මෙම කාර්ය මණ්ඩලය විසින් නියෝජනය කිරීමට සහ සේවය ලබාදීමට බලාපොරොත්තු වන්නා වූ කම්කරුවන්ගෙන්‍, එනම් පෙරටු බලඇණියෙන් වෙන්ව වැඩි වැඩියෙන් ස්වාධීනවීමට වෘත්තීය සමිතියේ කාර්ය මණ්ඩලය පටන් ගත් විට මෙම නිලධාරීවාදය ඉස්මතු වන්නේය. ඊට හේතුව වනුයේ විප්ලවීය අවස්ථාවන්හිදී හෝ සංවිධානයවීමේ අවස්ථාවකදී හැර අන් වකවානුවලදී කම්කරුවෝ අඛණ්ඩ වැඩ වර්ජනයේ නොයෙදෙන නිසාවෙති. 

කම්කරු පන්ති අරගලය අනිවාර්යෙන්ම ප්‍රසාංගික  වන්නේය. දිනකට පැය අටක් හෝ ඊට වැඩියෙන් වැඩ කරන බොහෝ කම්කරුවෝ වැඩපළට යෑමට හා ඒමටත්, තමා සහ තම පවුලේ සාමාජිකයන් රැක බලා ගැනීමටත් යෙදී සිටිති. එබැවින් වෘත්තීය සමිති නිලධාරීහු තම කාර්යභාරයන් අරගලයන් නොමැති අවධිය තුළ ද අඛණ්ඩව කරගෙන යති. මේ අතර හදිසියේ මතුවන තත්වයන් යටතේ ක්ෂණිකව ක්‍රියාකිරීමේ අවශ්‍යතාවය මතු වූ විට වෘත්තීය සමිති නිලධාරීහු හදිසි හා ක්ෂණික ක්‍රියාකාරකම්වලට බාධකයක් බවට පත්වෙති.

වෘත්තීය සමිති නිලධාරීහු ඔවුන්ගේ ක්‍රියාකාරකම් විසින්ම ගොඩ නගන ලද ජීවිතයකට හිමිකම් කියන විශේෂිතවූ ස්ථරයකින් සමන්විත පුද්ගලයෝ වෙති. ඔව්හු වෘත්තීය සමිතිය තුළ සංවිධානය වී සිටින කම්කරුවන්ට වඩා වෙනස් වෙති. ඔවුන් නියෝජනය කරනු ලබන කම්කරුවන්ට වඩා ඉහළ වැටුප් ඔවුහු නිරන්තරයෙන්ම ලබා ගනිති. ඔවුනට එම වැටුප ගෙවනුයේ වෘත්තීය සමිතියෙනි. මෙම තත්ත්වය විසින් අවිනිශ්චිත භාවයන්  හා ප්‍රතිවිරෝධයන් ගණනාවක් නිර්මාණය කරති.‍ 

පළමුවෙන්ම ඉහළ මට්ටමේ වෘත්තීය සමිති නිලධාරීන්ගේ ජීවිතය, කතාව සහ ඔවුන් නිවාඩු කාලය ගත කරන ආකාරය වැඩපොළේ ක්‍රියාකාරී කම්කරුවන්ගේ ජීවිතවලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වන්නේය. ඉහළ මට්ටමේ වෘත්තීය සමිති නිලධාරීන් සහ පළපුරුදු වෘත්තීය සමිති සංවිධායකයන් ඉහළ මට්ටමේ වැටුප් ලබන පුද්ගලයෝ වෙති. එමෙන්ම ඔවුන්ගේ ජීවන මට්ටම් හා භාවිතා කරන මෙවලම්, යාන වාහන, ගේ දොර ආදී මට්ටමෙන් ගත් විට ද වැඩපොළේ සටන් කරන ක්‍රියාකාරී කම්කරුවන්ගේ ජීවිතවලට වඩා වෙනස් ජීවිත ගත කරති.

දෙවනුව වෘත්තීය සමිති නිලධාරීන් සිය සාමාජිකයන්ට වඩා අඩුවෙන් මුදල් ඉපදූවද, ඔව්හු ධනපතියාගේ වැඩපොළේ විනයට යටත් නොවෙති. ඕනෑම සාමාන්‍ය සේවකයෙකුට මුහුණදීමට සිදුවන වැඩපොළේ පරම බලධාරිත්වයට ඔව්හු යටත් නොවෙති. 

තවදුරටත් වෘත්තීය සමිති නිලධාරීන්ගේ වැටුප් සහ දීමනා කිසියම් කළමනාකාරීත්වයක් සමඟ ඇතිවන ගණුදෙනුවක් වශයෙන් තීරණය නොවෙති. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් වෘත්තීය සමිති නිලධාරීන්ගේ වැටුප් කිසියම් පාර්ශවයක් සමඟ කෙරෙන කේවෙල් කිරීමේ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් නොවෙති.

මෙම තත්ත්වය තුළ සමාජවාදය අපේක්ෂා කරන සෑම ක්‍රියාදරයකුගේම ප්‍ර‍ධාන කර්යභාරයක් වනුයේ වෘත්තීය සමිති නිලධාරිවාදය අවසන් කිරීම සඳහා අඛණ්ඩ අරගලයක යෙදීමය.

එහෙත් මෙම කාර්යභාරය ඉටු කිරීම කම්කරු පංති ක්‍රියාධරයන්ට ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.

ප්‍රබල වමේ ව්‍යාපාරයක් යළි ගොඩනැගීමට නම් අප විසින් සිදු කර ඇති පැරණි වැරදිවලින් වැළකී වසර ගණනාවක් හෝ දශක ගණනාවක් තිස්සේ අප විසින් දරන ලද සම්ප්‍රදායික මතයන් කිහිපයක් අලුතින් සලකා බැලිය යුතුය. මෙම ලිපියේ පරමාර්ථය වමේ ව්‍යාපාරය යළි ගොඩනැගීම සඳහා සැලැස්මක් සැපයීම නොවේ. අප මුහුණ දෙන සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට තනි පුද්ගලයෙකුට නොහැකිය. එබැවින් මෙම ලිපිය, ඉදිරි වසර කිහිපය තුළ අප මුහුණ දිය යුතු ගැටළු, අප විසින් ඉටු කළ යුතු කාර්යයන් සහ අප විසින් වර්ධනය කළ යුතු සංවිධාන ව්‍යුහයන් පිළිබඳ සාකච්ඡාවකට දායක වීමට ගත් උත්සාහයකි. ලංකාව ආශ්‍රයෙන් මේ පිළිබඳව අදහස් දැක්වීමක් මීලඟ ලිපියෙන් සාකච්ඡා කෙරේ. 

Description for this block. Use this space for describing your block. Any text will do. Description for this block. You can use this space for describing your block.