ලියොන් ට්‍රොට්ස්කිගේ මුණුබුරකු වූ එස්ටෙබන් වොල්කොව් ( Esteban Volkov) මියයයි!
එස්ටෙබන් වොල්කොව් 2023 ජුනි 16 වන දින සවස මෙක්සිකානු අගනුවරදී මිය ගියේය. ඔහුගේ සීයා වන ලියොන් ට්‍රොට්ස්කිගේ ඝාතනය සම්බන්ධයෙන් ජීවතුන් අතර සිටින අවසාන සාක්ෂිකරු ලෙස ඔහු මෙක්සිකෝවේ සලකනු ලැබීය. 1926 මාර්තු 20 වන දින උපත ලැබූ එස්ටෙබන් වොල්කොව් රුසියානු විප්ලවවාදී ලියොන් ට්‍රොට්ස්කිගේ මුණුපුරා ය. ඔහුගේ සම්පූර්ණ නම Esteban Ercilla Volkov Leontiev වේ. 1940 දී ඔහුගේ සීයාගේ ඝාතනයෙන් පසුව, Volkov සහ ඔහුගේ මව Zinaida Volkova මෙක්සිකෝවේ දේශපාලන රැකවරණ ලබා සිටියහ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 97 කි. ලියොන් ට්‍රොට්ස්කිට මුණුබුරන් දෙදෙනෙක් සිටි අතර, ඔවුන්ගේ නම් එස්ටෙබන් වොල්කොව් (Esteban Volkov) සහ Vsevolod "Seva" වොල්කොව් ය. එස්ටෙබන් වොල්කොව් (Esteban Volkov) යනු ට්‍රොට්ස්කිගේ…