ඥානසිරි කොත්තිගොඩ විසිනි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස පත්කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් එළියට පැමිණ හෙතෙම පළමුවෙන්ම ගියේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් අතරට. පාර්ලිමේන්තුවත්, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයත් ආරක්ෂා කළා කියමින් ඔවුන්ට ස්තුති කළා. ඉන්පසු පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දයෙන් ජනාධිපතිධූරය ලැබුනාට පසුව මුලින්ම ගියේ අකුරේගොඩ හමුදා සංකීර්ණයට. දැන් ජනාධිපති ගේ බලයට අභියෝග කරමින් රටපුරා මහජන විරෝධයක් ගොඩනැගිල තිබෙන්නෙ. එමනිසා ජනාධිපතිකම ආරක්ෂා කරදෙන්න කියල මෙවර භාරදීල තිබෙන්නේ දේශීය කට්ටියට නෙවෙයි. United States Indo-Pacific Command (USINDOPACOM) නමින් හැඳින්වෙන ඇමරිකාවේ නායකත්වයෙන් පිහිටුවා තිබෙන එක්සත් ජනපද ඉන්දු-ශාන්තිකර විධානයට. වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ස්ථාවර කරදීම…
Category: Sinhala
ජාතික ජන බලවේගයේ උද්ඝෝණයට එල්ල කළ පොලිස් ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයේ විරෝධය!
தேசிய மக்கள் படை பிரச்சாரத்தின் நோக்கம் போலீஸ் தாக்குதல் குறித்து ஸ்ரீ இலங்கையில் சோசலிஸ்ட் கட்சியின் எதிர்ப்பு27-02-2023
වැඩ කරන ජනතාවගේ කඩා වට්ටන ජීවන තත්ත්වය රැක ගනිමු! වැඩ කරන ජනතා බලය සංවිධානය කරමු!
ලංකා වෙළඳ සේවක සංගමයේ (CMU) 37 වෙනි නියෝජිත සම්මේලනය 2023 පෙබරවාරි 17 යෝජනා පූර්විකාව අප සංගමයේ 37 වෙනි සම්මේලනය පැවැත්වෙන්නේ, 1948 නිදහසින් පසු දරුණුතම ආර්ථික අර්බුදයකට රට මුහුණ දී සිටින අප ඉතිහාසයේ පෙර නොවූ විරූ කාලයකදීයි. මේ රටේ සාමාන්‍ය, වැඩකරන ජනතාවගේ ජීවිත අනතුරේ බව අපගේ විශ්වාසයයි. ඔවුන්ගේ මූලික මානව හිමිකම් රජයේ ප්‍රහාරයට දිගින් දිගටම ලක්ව ඇතිවා පමණක් නොව, ශිෂ්ට වැටුපක් උපයා ගැනීමට, අභිමානවත් ජීවිතයක් ගත කිරීමට සහ තම පවුල්වල මූලික අවශ්‍යතා සපයා ගැනීමට ඇති හැකියාව ද පිහි තුඩ අග රැඳී ඇත. එබැවින් අපි අපගේ සම්මේලනය මූලික ප්‍රශ්න දෙකකින් ආරම්භ කරමු:…
අනුර-ටිල්වින් : දැන් ඉතින් “ගිටාරයත් අතට ගෙන චිලියේ වික්ටර් හාරා මෙන් වීදි බහිමු”?
ඥානසිරි කොත්තිගොඩ විසිනි “මේ මහපොළව කදුළු වලින් තෙත්වෙලා තිබෙනව. ගංගා පිරෙන්න තරම් ලේ ගලල තියෙනව. මොකක්ද අපට ඇතිවී තිබෙන ප්‍රතිඵලය. මේ කිසිවක් මෙතැන ඉන්න ජෙනරාල්වරයෙකුගේ කැමත්ත නෙමේ. මේ කිසිවක් මෙතැන ඉන්න සාමාන්‍ය සොල්දාදුවෙකුගේ කැමත්ත නොවේ. හමුදාවට බැඳෙන්නේ යුද්ධ කරන්න නෙමේ. හැබැයි මොකක්ද සිදු වී තියෙන්නේ. අපේ රටේ දේශපාලනය අපි අතර ගැටුම් විශාල ප්‍රමානයක් නිර්මාණය කළා. ඒක ඔවුන් ගේ දේශපාලනය.” හදවත කීරි ගැහෙන කතාවක ඉහත උපුටා ගැනිම කළේ ජාතික ජන බලවේගයේ (ජාජබ) නායක, ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නායක, අනුර කුමාර දිසානායක “විශ්‍රාමික හමුදා නිලධාරීන් ගේ සාමූහිකය” වෙනුවෙන් මහරගම දී පැවැත් වූ දේශනයකින්. කදුළු වැගිරෙන, හදවත…
මැර ප‍්‍රහාර සහ කඳුළු ගෑස්වලින් සමරණ නිදහස
Republished From: https://vivaranalk.com/%e0%b6%b8%e0%b7%90%e0%b6%bb-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%84%e0%b7%8f%e0%b6%bb-%e0%b7%83%e0%b7%84-%e0%b6%9a%e0%b6%b3%e0%b7%94%e0%b7%85%e0%b7%94-%e0%b6%9c%e0%b7%91%e0%b7%83/ හැත්තෑපස්වැනි නිදහස් සමරුව පසුගිය දා අරගලකරුවන්ගේ ලෙයින් තෙත් වූ ගාලූ මුවදොර පිටියේ දී ගොළු මුහුදෙන් හමා එන සුළෙඟේ ලෙළ දෙන සිංහ කොඩිය එසවීමෙන් පැවැත් වූයේ ලෝකාපවාදයෙන් මිදීමටය. පාර්ලිමේන්තුවෙන් තේරීපත් වූ විධායක ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පැවසූ ආකාරයට බංකොළොත් වූ අප එම උත්සවය උත්කර්ෂවත් ආකාරයට නොපැවැත් වූයේ නම් එය ලෝක නින්දාවකි. තවත් වරක ඔහු පැවසුවේ ණයට ගත් දශ ලක්ෂ දෙසීයක් වැය කර පවත්වන මෙම උත්සවය අනාගතය සඳහා කරන ආයෝජනයකි. කෙසේ වුවත් මෙම සමරුවේ විශේෂ ලක්ෂණය වූයේ මින් පෙර කිසි දිනක නොවු ආකාරයේ විරෝධතාවයක් රට පුරා පැවතීමය. ආණ්ඩුවේ සහාය ලත්…
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ “සර්ව පාක්ෂික සමුළුව” ( ඇත්තෙන්ම මෙය බහු පාක්ෂිකය) ජාතික ප්‍රශ්නයට විසඳුමක් සෙවීමටද?
ඥානසිරි කොත්තිගොඩ විසිනි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ “සර්ව පාක්ෂික සමුළුව” ( ඇත්තෙන්ම මෙය බහු පාක්ෂිකය) ජාතික ප්‍රශ්නයට විසඳුමක් සෙවීමට වඩා ලබන ජනාධිපති මැතිවරණයේ පොහොට්ටුවේ වර්ගවාදී ජනාධිපති අපේක්ෂකයා ලෙස නියත විවරණ ලබා ගැනීමක් තමයි සිදුවුනේ. ජනවාරි 26 දා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ඊනියා සර්ව පාක්ෂික හමුවේදී තමයි වික්‍රමසිංහ ජනාධිපතිවරයා එලෙස නියත විවරණ ලබා ගත්තේ. ඊනියා සමුළුවේදී හෙතෙම මෙහෙම කියනව. “මේ රට බෙදීමට මම සූදානම් නෑ . අපි කවුරුත් ඊට සූදානම් නෑ. මෙතැන අසුන් ගෙන සිටින අප බහුතරයක් සිංහල අයයි. මේ එක්කෙනෙක් වත් සිංහල ජාතිය පාවා දෙන්නේ නෑ. සිංහල ජාතිය ලෝකයේ ඉන්නවානම් දමිළ, මුස්ලිම්,…
සෝවියට් සංගමය බිඳවැටීම…
රාජු ප්‍රභාත් ලංකාලෝක විසිනි 2022 දෙසැම්බර් මාසය සෝවියට් සංගමය බිඳවැටීමේ 31 වන සංවත්සරය සනිටුහන් කරයි. බලවත්ම විකෘති කම්කරු රාජ්‍යය කඩා වැටෙමින් අවුල් ජාලයක් බවට පත්වෙමින් තිබියදී බටහිර අධිරාජ්‍යවාදීන්ගේ ප්‍රීති ඝෝෂා මැද කොමියුනිස්ට්වාදීන් කියාගත් අය රාජ්‍යය සහ එහි වත්කම් කොල්ල කන්නට විය. ධනවාදය එහි අවලස්සන හිස ඔසවා ගත් අතර එහි මිල ගෙවීමට සිදුවූයේ සෝවියට් කම්කරුවන්ටය. ධනවාදයේ ඇම්බැට්ටයින් විසින් සෝවියට් සංගමයේ බිඳවැටීම යනු “කොමියුනිස්ට්වාදය“ අභිබවා “නිදහස් වෙළඳපල ආර්ථිකය” ලබාගත් අවසාන ජයග්‍රහණය ලෙසින් ඉදිරිපත් කරන ලදී. දශක තුනකට පෙර එය ධනේශ්වරය සහ එහි ක්ෂමාලාපකයින් තුළ ප්‍රීති ප්‍රමෝදයක් ඇති කළේය. ඔවුන් සමාජවාදයේ අවසානය, කොමියුනිස්ට්වාදයේ…
2023 නව වසරට වසන්ත මුදලිගේ සහෝදරයාගෙන් ජනතාවට පණිවිඩයක්!
ආදරණීය අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය, 2022 ගෙවිල ගිහින් අලුත් වසරක් උදා වෙලා. ආර්ථික අපරාධ කරපු, මිනී මරපු, මිනීමරු සංස්කෘතියක් නඩත්තු කරපු සැබෑ ත්‍රස්තවාදීන් නිදැල්ලේ සිටියදී ත්‍රස්තවාදී ලේබල් ගහපු මම සිරගතව ගෙවෙන 140 වෙනි දවස. මම විතරක් නෙවෙයි යහපත් සමාජයක් වෙනුවෙන් සටන් කරපු, ආර්ථික – දේශපාලන ක්‍රම වෙනසක් ඉල්ලපු තවත් අය බන්ධනාගාර ඇතුළෙ ඉන්නවා. ගොඩක් අය බන්ධනාගාරගත නොවුණත් ආණ්ඩුවේ මර්දනය හේතුවෙන් එදිනෙදා දේවල් සාමාන්‍ය විදිහට කරගන්නවත් නිදහසක් නැතිව ඉන්න බව මම දන්නවා. බිත්තියෙන් කැලැන්ඩරය ගලවලා දානවා වගේ 2022 අවුරුද්ද අපිට ඉතිහාසයෙන් ගලවලා දාන්න බෑ. මොකද ඒ තමයි අපි ඉගෙනගත්ත අවුරුද්ද. ජනතාව…
ෆ්‍රෙඩ්රික් එංගල්ස් වෙතින් ලද උරුමය
රාජු ප්‍රභාත් ලංකාලෝක විසිනි අගෝස්තු 28 දිනට මාක්ස්වාදයේ සම කතෘවරයෙකු වූ ෆ්‍රෙඩ්රික් එංගල්ස්ගේ ජන්ම සංවත්සරය යෙදී ඇත. ඒ නිමිතිකොට, මාක්ස්වාදයේ අදහස් වර්ධනය කිරීම වෙනුවෙන් ඔහු ලබා දුන් අමිල දායකත්වය පිළිබඳව නැවත විමසා බැලීමට අප මෙය අවස්ථාවක් කර ගනිමු.මාක්ස්වාදය විසින් මාක්ස්ගේ නම දරා සිටින නමුදු, එංගල්ස් විසින් එයට ලබා දුන් වැදගත් දායකත්වය සහ මෙම දෙදෙනාගේ ජීවිත අතර පැවති ඓන්ද්‍රීය සම්බන්ධය අප කිසි විටෙකත් අමතක නොකළ යුතුය. දර්ශනය, ආර්ථික විද්‍යාව, ඉතිහාසය, භෞතික විද්‍යාව, භාෂා විද්‍යාව සහ මිලිටරි විද්‍යාවන් වැනි විවිධ ක්ෂේත්‍ර පිළිබඳ දැනුමක් තිබූ විශ්වකෝෂ මනසක් එංගල්ස් සතුව තිබූ බවට සැකයක් නැත.…
බිල්ලෝ කතා දරුවාට කෑම ටික කවාගන්නකම් පමණයි.
–ඥානසිරි කොත්තිගොඩ විසිනි ගමේ අම්මලා පොඩි එවුන්ට කෑම කවන්න ඕන වුනාම බිල්ලෝ ගැන විවිධ කතා කියනව. පොඩි එකාගේ මුළු අවධානය කතාවට ආකර්ශනය වෙද්දී අම්මා හෙමි හෙමිහිට කෑම ටික කවනව. නැවත වතාවක් කෑම කවන්න ඕන වුනාම ඒ උපායම පාවිච්චි කරලා කෑම ටික කවා ගන්නව. බිල්ලෝ කතා දරුවාට කෑම ටික කවාගන්නකම් පමණයි. අපේ රටේ පාලකයනුත් සිය පැවැත්මට අභියෝගයක් වනවිට ගමේ අම්මල බිල්ලො ගැන කියනව වගේ ජාතික ප්‍රශ්නය පිලිබඳ බිල්ලා කරළියට ගන්නව. එක්සත් ජාතික පක්ෂ (එ ජා ප) නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ නැවත වතාවක් ජාතික ප්‍රශ්නයට විසඳුම් දෙනව කියල බිල්ලෝ කතාවක් ආරම්භ කරලා.…