Month: May 2024

ආර්ථික චින්තනයේ සීමා

ආර්ථික චින්තනයේ සීමා

Jaya Pathmapani May 20 නේවා ගුඩ්වින් ප්‍රමුඛ අර්ථශාස්ත්‍රඥයන් විසින් ලියූ Microeconomics in Context කෘතියේ නවතම සංස්කරණය ආරම්භ වන්නේ ආර්ථික විද්‍යාව යනු මිනිසුන් සිය අවශ්‍යතා සපුරා ගැනීම සහ තම යහපැවැත්ම (well-being) වැඩිදියුණු කර ගැනීම සඳහා තමන් සතු සම්පත් කළමනාකරණය කර ගන්නා ආකාරය අධ්‍යනය කිරීමයි” යනුවෙනි.[1] මෙහි දැක්වෙන ‘යහපැවැත්ම’ යන්න විවිධ පුද්ගලයන් විවිධාකාරයට තේරුම් ගනු ඇත. එහෙත් තමන් කල්පනා කරන ආකාරයට එවැනි අර්ථ දැක්වීමක් හැම දෙනෙකුට ම ආදේශ කළ හැකි දෙයක් විය යුතු බව ගුඩ්වින් පවසයි. අපේ යහපැවැත්ම සාමාන්‍යයෙන් රැඳී ඇත්තේ අප ලබන ආදායම සහ අපේ ජීවන මට්ටම ප්‍රදර්ශනය වන ද්‍රව්‍යයමය වස්තුවල අගය පිළිබඳ සාම්ප්‍රදායික දර්ශක මත යි. එහෙත් අප ජීවත් වන…
Read More
Gist of the translation of the declarations made in the 2024 Congress of SocialDemocratic Party of Tamils – SDPT- Pathmanabha EPRLF

Gist of the translation of the declarations made in the 2024 Congress of SocialDemocratic Party of Tamils – SDPT- Pathmanabha EPRLF

Full and proper implementation of the 13th Amendment of the constitution. Appropriate devolution arrangements for the Muslims and upcountry Tamils. The postponement of Provincial Council and Local government elections by the government is anti-democratic and denial of fundamental rights of the people. We demand immediate elections for these institutions. We call upon the government to make appropriate constitutional change that ensures to prevent recurrence of this in the future. Provincial council system, meaningful devolution to provinces, and holding elections regularly according to the constitution are essential to ensure democratic structures in Sri Lanka. It also accelerates the economic development at…
Read More
දෙමළ ජනතාවගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (- SDPT- පත්මනාභ EPRLF) විසින්  වර්ෂ 2024 පැවති සම්මේලනයේ සම්මත කරන ලද ප්‍රකාශයන්ගේ සාරාංශමය පරිවර්තනය: 

දෙමළ ජනතාවගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (- SDPT- පත්මනාභ EPRLF) විසින්  වර්ෂ 2024 පැවති සම්මේලනයේ සම්මත කරන ලද ප්‍රකාශයන්ගේ සාරාංශමය පරිවර්තනය: 

1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් හා නිසි ලෙස ක්‍රියාත්මක කිරීම. මුස්ලිම් සහ උඩරට දෙමළ ජනතාව සඳහා සුදුසු බලය බෙදීමේ විධිවිධාන සැලසීම. 2. ආණ්ඩුව විසින් පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ කල් දැමීම  ප්‍රජාතන්ත්‍ර විරෝධී වන අතර ජනතාවගේ මූලික අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීමකි. මෙම ආයතන සඳහා කඩිනමින් මැතිවරණයක් පවත්වන ලෙස අපි ඉල්ලා සිටිමු. අනාගතයේදී මෙවැනි තත්ත්වයන් නැවත සිදුවීම වැළැක්වීම සහතික කෙරෙන සුදුසු ව්‍යවස්ථාමය වෙනසක් කිරීමට පියවර ගන්නා ලෙස අපි ආණ්ඩුවට ආයාචනය කරමු. 3. පළාත් සභා ක්‍රමය, අර්ථවත් ලෙස පළාත්වලට බලය බෙදීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විධිමත් මැතිවරණ පැවැත්වීම සහතික කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ. එය…
Read More
6. මොංගෝලියානු අත්දැකීම සහ සංවිචාරණයේ කොන්දේසි

6. මොංගෝලියානු අත්දැකීම සහ සංවිචාරණයේ කොන්දේසි

Jaya Pathmapani May 19 ඉහත පරිච්ඡේදයේ විස්තර කළ අයිස්ලන්තයේ අත්දැකීම විග්‍රහ කරමින් විවෘත ප්‍රජාතන්ත්‍රවාදයක් යනුවෙන් ප්‍රායෝගික වසයෙන් අදහස් වන්නේ කුමක් ද යන පැනයට පිළිතුරු දෙන  හෙලන් ලැන්ඩ්මොර් ඒ සඳහා සුදුසු තනි ක්‍රමයක් නොමැති බව පවසයි. අයිස්ලන්ත ව්‍යවස්ථා සම්පාදනයේ දී අනුගමනය කළ ක්‍රමෝපාය තුළ වැදගත් නව ක්‍රමවේද තිබුණ ද එය ද මුළුමනින් සාර්ථක උදාහරණයක් යැයි කිව නො හැකි ය.  එහෙත් ඕනෑම සන්දර්භයක් යටතේ වුවද විවෘත ප්‍රජාතන්ත්‍රවාදයක මුඛ්‍ය සාධකය වන්නේ “open mini-public” හෙවත් ‘විවෘත මිනි-ජන සමූහ’ බව ඇය පෙන්වා දෙයි..[75]Mini-public හෙවත් ‘මිනි-ජන සමූහ’ යන යෙදුම භාවිත වෙන්නේ කිසියම් ගැටලුවක් සංවිචාරණයට ලක් කිරීම සඳහා අහඹු ලෙස තෝරා ගත් සංඛ්‍යාවෙන් තරමක් කුඩා කණ්ඩායමකට සීමා…
Read More
5. නියෝජනය වෙනුවට සංවිචාරණය – අයිස්ලන්ත අත්දැතීම

5. නියෝජනය වෙනුවට සංවිචාරණය – අයිස්ලන්ත අත්දැතීම

Jaya Pathmapani May 19 හුදු නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති බොහෝ දුර්ගුණ නිෂේධ කරන සුවිශේෂ ගුණාංගවලින් යුත් සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය (deliberative democracy) පිළිබඳ ව මේ පරිච්ඡේදයේ දී සවිස්තර ව සාකච්ඡා කෙරෙන බැවින් සංවිචාරණය (deliberation) යන වචනය නිශ්චිත ව හඳුන්වා දීම මැනව යි මම සිතමි. ‘සංවිචාරණය’ යන වචනය අප මේ කෘතිය පුරා යොදා ගන්නේ ‘හැම පැත්තක් ගැන ම කරුණු කාරණා ඉතා සැලකිල්ලෙන් හා ඉවසිල්ලෙන් සන්තුලනය කර බලන සාකච්ඡාවක්’ යන අදහස දෙන Deliberation යන ඉංග්‍රීසි පදයෙන් හැඟවෙන තේරුම සඳහායි. තවත් අන්දමකින් කිව හොත් සංවිචාරණීය සාකච්ඡාවක් යනු ඉදිරිපත් කරන කරුණු පිළිබඳ පොදු එකඟතාවක් සඳහා එකී කරුණු විවේක බුද්ධියෙන් (reason) හේතු යුක්ති සහිත ව සාකච්ඡා කිරීමයි.  …
Read More
4. සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය

4. සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය

Jaya Pathmapani May 19 “හැම වැඩිහිටියෙකු ම පාහේ දේශපාලන ක්‍රමය තුළ ඡන්දය භාවිත කළත් දැනුම, ධනය, සමාජ තත්වය, විධායකය මෙහෙයවීමේ හැකියාව සහ අනෙකුත් සියලු සම්පත් අසමාන ලෙස බෙදී ඇති විට ඇත්තට ම ආණ්ඩු කරන්නේ කවුද ? ” යනුවෙන් වසර හැටකට පෙර යේල් සරසවියේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය රොබට් ඩාල් ඇසූ ප්‍රශ්නය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් අදටත් වලංගු ය.[37]  ඒ වන විට ආර්ථික විද්‍යාඥ ජෝශප් ෂුම්පිටර් 1942 දී පළ කළ ඔහුගේ ප්‍රකට ‘Capitalism, Socialism, and Democracy’ නමැති කෘතියේ ප්‍රජාතන්ත්‍රවාදය නිර්වචනය කර තිබුණේ මිනිසුන්ගේ මනාපය පරිදි කටයුතු කිරීම පිණිස “නායකත්වයට පත් වීමට බලාපොරොත්තු වන අය විසින් මැතිවරණයක දී ඡන්ද සඳහා කරනු ලබන තරඟයක්”…
Read More
3. නියෝජන ක්‍රමයේ සීමා ඉක්මවීම

3. නියෝජන ක්‍රමයේ සීමා ඉක්මවීම

Jaya Pathmapani May 19 බලය අල්ලා ගැනීම සඳහා ඉදිරිපත් වන කණ්ඩායමකට සහයෝගය දැක්වීමේ මැතිවරණ දේශපාලනය වෙනුවට නමට නො ව ක්‍රියාවෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී වන පුද්ගල කාරකත්වයක් සහිත මහජන දේශපාලනයක අවශ්‍යතාව වෙන කවරදාකටත් වඩා අද ඉස්මතු ව තිබේ. එහෙත් එය සාක්ෂාත් කර ගත හැකි වන්නේ පවතින ව්‍යාජ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සැරසීමට වෙනත් නියෝජිත කණ්ඩායමක් තෝරා ගැනීමෙන් නො වේ. බලය අල්ලා ගැනීමේ දේශපාලනය වෙනුවට ‘යුක්තිය අත්පත් කර ගැනීමේ ක්‍රියාකාරී මහජන දේශපාලනයක්’ සඳහා සුදුසු වැඩපිළිවෙළක් ගොඩනගා ගැනීමෙනි. ඒ වැඩපිළිවෙළ තුළ දේශපාලනය පමණක් නො ව නවලිබරල්වාදී ආර්ථික සුසමාදර්ශයෙන් මිදීම ද ඒ සමඟ සාකච්ඡා කළ යුතු ය. මන්ද ඒ දෙක ම අන්‍යෝන්‍ය වසයෙන් ප්‍රතිපෝෂණය වන ප්‍රත්‍යවර්ත්‍ය ප්‍රතික්‍රියාවල…
Read More
2. ප්‍රජාතන්ත්‍රවාදය – පරමාදර්ශය හා විකෘතිය 

2. ප්‍රජාතන්ත්‍රවාදය – පරමාදර්ශය හා විකෘතිය 

Jaya Pathmapani May 19 නූතන අර්ථයෙන් ගත් විට ප්‍රජාතන්ත්‍රවාදයක වැදගත් ම ගුණාංග ලෙස සැලකෙන්නේ මහජනතාවගේ දේශපාලන සමානාත්මතාව, මහජන සහභාගිත්වය සහ ආණ්ඩුකරණයේ වග වීමයි.[8] දේශපාලන සමානාත්මතාව යනුවෙන් හැඳින්වූයේ දේශපාලනය කිරීමේ අයිතිය සමාජයේ හැම සාමාජිකයෙකුට ම එක හා සමානව හිමි වෙන බව යි. මහජන සහභාගීත්වය යන්න මැතිවරණයට  පමණක් සීමා වූවක් නොවේ.  සෘජු ව හෝ සංවිධිත ව හෝ දේශපාලන කටයුතු වලට සහභාගි වීම,  විසම්මුතිය, අදහස්  ප්‍රකාශ කිරීම, ආණ්ඩු කිරීම සංනිරීක්ෂණයට දායක වීම, රැස්වීම් පැවැත්වීම, උද්ඝෝෂණ හා වැඩ වර්ජනය කිරීම ආදිය ද මහජන සහභාගීත්වයේ විවිධ ස්වරූපයෝ ය.  කෙසේ වෙතත් ඉංග්‍රීසින් විසින් පාර්ලිමේන්තු ක්‍රමය හඳුන්වා දුන් දා සිට ප්‍රජාතන්ත්‍රවාදය තේරුම් කරන ලද්දේ රාජ්‍යයේ ස්වරූපය පිළිබඳ ආකෘතියක් ලෙස…
Read More
1. යුක්තිය ඉටුකර ගැනීමේ දේශපාලනය

1. යුක්තිය ඉටුකර ගැනීමේ දේශපාලනය

Jaya Pathmapani May 19 දරුමල්ලන් ඇති දැඩි කර ගෙන නෑ හිත මිතුරන් ඇසුරු කර ගෙන අවසානය දක්වා ම තුටුපහටු අභිමානවත්  ජීවිතයක් ගත කිරීම අප සියලු දෙනාට ම ඇති මූලික අභිලාෂයකි. එය බොහෝ විට අපේ මුඛ්‍ය දේශපාලන පරමාර්ථය ද වේ. එහෙත් ‘බලය අත්පත් කර ගැනීමේ දේශපාලනයට’ අනුගත වීමෙන් දේශපාලන අන්තේවාසිකයෙකු වීම හැර සැමට එම අභිලාෂය ඉටු කර ගත හැකි ජන සමාජයක් ගොඩ නගා ගැනීමට මෙතෙක් අපට හැකි වී නැත. ඒ බව නිදහස ලැබී ගත වූ වසර 70 තුළ ශ්‍රී ලංකාවේ දේශපාලනය පිළිබඳ ව අප සියලු දෙනා අතර අඩු වැඩි වසයෙන් ඇති කලකිරීම්වලින් සහ රැවටුණු රැවටිලිවලින් පැහැදිලි වේ. තව දුරටත් ඒ වංචාවේ…
Read More