2024 මැයි දිනය: කම්කරු කොමියුන මත පදනම්වූ නව ජනතා ව්‍යාපාරයක් සඳහා එක්වෙමු!

සමස්තයක් වශයෙන්, සංවිධිත ශ්‍රමය එනම් වෘත්තීය සමිති ලොව පුරා කම්කරුවන්ගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීමේ වැදගත් බලවේගයක් ලෙස දිගටම පවතී. කෙසේ වෙතත්, කම්කරු ව්‍යාපාරය සඳහා උදාවී ඇති නව අවස්ථා සහ නව අභියෝග යන දෙකටම මුහුණ දෙමින්, ආර්ථික, සමාජීය සහ තාක්ෂණික ප්‍රවණතාවල  වෙනස්වීම්වලට ප්‍රතිචාර වශයෙන් ශ්‍රම සංවිධානයේ භූ දර්ශනයද විකාශනය වේ. විවිධ රටවල් සහ විවිධ කර්මාන්ත හරහා කම්කරුවන් අතර සම්බන්ධීකරණය සහ සහයෝගීතාව ගොඩනැගීමේ උත්සාහයන් තුලින් (ස්වයංක්‍රීය කම්කරු හා ජනතා කොමියුන ගොඩනැඟීම මඟින්) කම්කරු අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම්වලට විසඳුම් සෙවීමට සහ ලොව පුරා සාධාරණ සේවා කොන්දේසි ප්‍රවර්ධනය කිරීමට හැකි ජාතික, කලාපීය සහ…

වත්මන් අර්බුදය හමුවේ සමාජවාදීන්ගේ කාර්යභාරය කුමක්ද?

සමාජවාදීන් පරම්පරා ගණනාවක් තිස්සේ රුසියානු විප්ලවයෙන් මෙන්ම ලෝකයේ අන් රටවල විප්ලවවාදී ව්‍යාපාරයන්ගෙන් ආභාසය ලබාගෙන ඇති නමුත්, ඒවායින් උකහාගත් බොහෝ පාඩම් අපගේ කාලයට ගැලපෙන පරිදි නිවැරදිව භාවිතයට ගැනීමට අසමත්වී ඇත. අද ඉතා ගැඹුරු අර්බුදයට ගොස් ඇති වත්මන් ධනපති ක්‍ර‍මයේ වෙනසක් ඇති කිරීමට නම්, අපි ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදය පිළිබඳ න්‍යාය සහ භාවිතය පිළිබඳව බැරෑරුම් ලෙස සලකා බැලිය යුත්තෙමු. ලොවපුරා සමාජවාදි විප්ලවවාදීන් අවුරුදු සියයකට වැඩි කාලයක් රුසියානු විප්ලවයේ දේශපාලන සෙවනැල්ල යටතේ ජීවත් වූහ. 1917 ආදර්ශය අනුව යමින්, පරම්පරාවෙන් පරම්පරාවට සමාජවාදීන් බොල්ෂෙවිකයන්ගේ මූලික දේශපාලන පාඩම් ලෙස ඔවුන් වටහාගත් දේ ක්‍රියාත්මක කිරීමට සහ ඉගෙන ගැනීමට උත්සාහ…

ස්ටාලින්වාදය අවසන්වී නැත!

ස්ටාලින්වාදී පිළිවෙත්වලින් නොමිදෙන තාක් කල්, යළි වමේ ව්‍යාපාරයක් ගොඩනැගීම සිහිනයක්ම පමණක් වන්නේය.   බොල්ෂෙවික් වාදය මාක්ස්වාදයේ ඉහළම ඓතිහාසික ප්‍රකාශනය විය.‍ බොල්ෂෙවික් වාදයේ ධජය යටතේ කම්කරු පන්තිය සිය පළමු ජයග්‍රහණය 1917 දී සාක්ෂාත් කර ගන්නා ලද අතර පළමුවන කම්කරු රාජ්‍යය ද රුසියාවේ පිහිටුවන ලදී. 1917 බොල්ෂෙවික් විප්ලවය සිදුවන අවධියේ රුසියාව පසුගාමී ඌන සංවර්ධිත රටක් විය. කම්කරු පන්තියට අමතරව සෝවියට් දේශය තුළ කෝටියක් ගොවීන් ද,විවිධ ජාතීන් ද, පීඩනය, අන්ත දුගීබව සහ අනවබෝධය උරුම කරගෙන ජීවත් වූහ. විප්ලවය දියුණු කාර්මික රටවලට පැතිර යාමට අපොහොසත් වීම, නව කම්කරු රාජ්‍යයේ වර්ධනය කෙරෙහි පමණක් නොව, විසි වන…

නොනවතින විප්ලවයේ න්‍යාය සිහිනයක්ද? (දෙවන කොටස)

“අවිනිශ්චිත දීර්ඝ කාලයක් තුළ හා අනවරතයෙන් ඇතිවන්නා වූ අරගල මගින් සියලු සමාජ සම්බන්ධතාවයන් පරිවර්තනය වේ. සමාජය දිගින් දිගටම එහි හැව ඉවත දමයි.“ (ට්‍රොට්ස්කි – නොනවතින විප්ලවය). ලෙනින්ගේ ස්ථාවරය. 1917 අප්‍රේල් මාසය වනතුරු ලෙනින් මීට වඩා වෙනස් මතයක් දැරුවේය. රුසියාවේ ජාතික ධනේශ්වරයට රුසියානු ධනේශ්වර විප්ලවයේ කර්තව්‍යයන් ඉටු කරගැනීමට නොහැකි බැව් ලෙනින්ද පිළිගත්තේය. එහෙත් එළඹෙන විප්ලවයේ නායකත්වය දරනු ලබන්නේ කෙබඳු සමාජ බලවේගයක් හෝ බලවේගයන් ද යන ප්‍රශ්නය පිළිබඳ ලෙනින් ට්‍රොට්ස්කිට වඩා වෙනස් මතයක් දැරීය. ලෙනින් ගේ මතය අනුව එළඹෙන විප්ලවය ධනේශ්වර විප්ලවයක් වූ අතර එහි නායකත්වය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය (එනම් කම්කරු පන්තියේ දේශපාලන…