Jaya Pathmapani May 19 දරුමල්ලන් ඇති දැඩි කර ගෙන නෑ හිත මිතුරන් ඇසුරු කර ගෙන අවසානය දක්වා ම තුටුපහටු අභිමානවත් ජීවිතයක් ගත කිරීම අප සියලු දෙනාට ම ඇති මූලික අභිලාෂයකි. එය බොහෝ විට අපේ මුඛ්‍ය දේශපාලන පරමාර්ථය ද වේ. එහෙත් ‘බලය අත්පත් කර ගැනීමේ දේශපාලනයට’ අනුගත වීමෙන් දේශපාලන අන්තේවාසිකයෙකු වීම හැර සැමට එම අභිලාෂය ඉටු කර ගත හැකි ජන සමාජයක් ගොඩ නගා ගැනීමට මෙතෙක් අපට හැකි වී නැත. ඒ බව නිදහස ලැබී ගත වූ වසර 70 තුළ ශ්‍රී ලංකාවේ දේශපාලනය පිළිබඳ ව අප සියලු දෙනා අතර අඩු වැඩි වසයෙන් ඇති…
Category: Sinhala
දේශපාලනයට නව දැක්මක්
Jaya Pathmapani May 11 Republished from https://jayavoice.com/ 1. යුක්තිය ඉටුකර ගැනීමේ දේශපාලනය දරුමල්ලන් ඇති දැඩි කර ගෙන නෑ හිත මිතුරන් ඇසුරු කර ගෙන අවසානය දක්වා ම තුටුපහටු අභිමානවත් ජීවිතයක් ගත කිරීම අප සියලු දෙනාට ම ඇති මූලික අභිලාෂයකි. එය බොහෝ විට අපේ මුඛ්‍ය දේශපාලන පරමාර්ථය ද වේ. එහෙත් ‘බලය අත්පත් කර ගැනීමේ දේශපාලනයට’ අනුගත වීමෙන් දේශපාලන අන්තේවාසිකයෙකු වීම හැර සැමට එම අභිලාෂය ඉටු කර ගත හැකි ජන සමාජයක් ගොඩ නගා ගැනීමට මෙතෙක් අපට හැකි වී නැත. ඒ බව නිදහස ලැබී ගත වූ වසර 70 තුළ ශ්‍රී ලංකාවේ දේශපාලනය පිළිබඳ ව…
මැයි දිනය, මැයි දිනය: ප්රජාතන්ත්රවාදය අනතුරේ!
ඓතිහාසිකව ප්රජාතන්ත්රවාදී ලෝකයක් නඟා සිටුවීමේ පදනම වනුයේ කම්කරු පංති ව්‍යාපාරයයි! මේ වසරේ, ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් බොහොමයක් මැතිවරණ සඳහා සහභාගී වීමට අවස්ථාව ලැබෙන බවට සිහින දකිමින් සිටිනවා විය හැක. එය ප්රජාතන්ත්රවාදය සඳහා ඓතිහාසික වසරක් වනු ඇතැයි බොහෝ දෙනෙකු සිතනවාද වියහැක. එහෙත් අපි ගෝලීය ප්රජාතන්ත්රවාදයේ සෞඛ්‍යය දෙස සමීපව බැලුවහොත් – විශේෂයෙන් ප්රජාතන්ත්රවාදී වෘත්තීය සමිති අයිතිවාසිකම් බිඳ වැටෙමින් ඇති ආකාරය දෙස බැලුවොත්– ප්රජාතන්ත්රවාදය දැඩි සත්කාර ඒකකයේ තිබෙන බව පෙනීයනු ඇත. වෘත්තීය සමිති ප්රජාතන්ත්රවාදයේ කේන්ද්‍රය වේ: එකක් නොමැතිව අනෙක තිබිය නොහැක. ප්රජාතන්ත්රවාදී වටිනාකම් මත ගොඩනැගුණු දීර්ඝ ඉතිහාසයක් ඇති ලොව විශාලතම සමාජ ව්‍යාපාරය ලෙස ගෝලීය…
2024 මැයි දිනය: කම්කරු කොමියුන මත පදනම්වූ නව ජනතා ව්‍යාපාරයක් සඳහා එක්වෙමු!
සමස්තයක් වශයෙන්, සංවිධිත ශ්‍රමය එනම් වෘත්තීය සමිති ලොව පුරා කම්කරුවන්ගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීමේ වැදගත් බලවේගයක් ලෙස දිගටම පවතී. කෙසේ වෙතත්, කම්කරු ව්‍යාපාරය සඳහා උදාවී ඇති නව අවස්ථා සහ නව අභියෝග යන දෙකටම මුහුණ දෙමින්, ආර්ථික, සමාජීය සහ තාක්ෂණික ප්‍රවණතාවල වෙනස්වීම්වලට ප්‍රතිචාර වශයෙන් ශ්‍රම සංවිධානයේ භූ දර්ශනයද විකාශනය වේ. විවිධ රටවල් සහ විවිධ කර්මාන්ත හරහා කම්කරුවන් අතර සම්බන්ධීකරණය සහ සහයෝගීතාව ගොඩනැගීමේ උත්සාහයන් තුලින් (ස්වයංක්‍රීය කම්කරු හා ජනතා කොමියුන ගොඩනැඟීම මඟින්) කම්කරු අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම්වලට විසඳුම් සෙවීමට සහ ලොව පුරා සාධාරණ සේවා කොන්දේසි ප්‍රවර්ධනය කිරීමට හැකි ජාතික, කලාපීය සහ…
වත්මන් අර්බුදය හමුවේ සමාජවාදීන්ගේ කාර්යභාරය කුමක්ද?
සමාජවාදීන් පරම්පරා ගණනාවක් තිස්සේ රුසියානු විප්ලවයෙන් මෙන්ම ලෝකයේ අන් රටවල විප්ලවවාදී ව්‍යාපාරයන්ගෙන් ආභාසය ලබාගෙන ඇති නමුත්, ඒවායින් උකහාගත් බොහෝ පාඩම් අපගේ කාලයට ගැලපෙන පරිදි නිවැරදිව භාවිතයට ගැනීමට අසමත්වී ඇත. අද ඉතා ගැඹුරු අර්බුදයට ගොස් ඇති වත්මන් ධනපති ක්රමයේ වෙනසක් ඇති කිරීමට නම්, අපි ප්රජාතන්ත්රවාදී සමාජවාදය පිළිබඳ න්‍යාය සහ භාවිතය පිළිබඳව බැරෑරුම් ලෙස සලකා බැලිය යුත්තෙමු. ලොවපුරා සමාජවාදි විප්ලවවාදීන් අවුරුදු සියයකට වැඩි කාලයක් රුසියානු විප්ලවයේ දේශපාලන සෙවනැල්ල යටතේ ජීවත් වූහ. 1917 ආදර්ශය අනුව යමින්, පරම්පරාවෙන් පරම්පරාවට සමාජවාදීන් බොල්ෂෙවිකයන්ගේ මූලික දේශපාලන පාඩම් ලෙස ඔවුන් වටහාගත් දේ ක්‍රියාත්මක කිරීමට සහ ඉගෙන ගැනීමට උත්සාහ…
ස්ටාලින්වාදය අවසන්වී නැත!
ස්ටාලින්වාදී පිළිවෙත්වලින් නොමිදෙන තාක් කල්, යළි වමේ ව්‍යාපාරයක් ගොඩනැගීම සිහිනයක්ම පමණක් වන්නේය. බොල්ෂෙවික් වාදය මාක්ස්වාදයේ ඉහළම ඓතිහාසික ප්රකාශනය විය. බොල්ෂෙවික් වාදයේ ධජය යටතේ කම්කරු පන්තිය සිය පළමු ජයග්‍රහණය 1917 දී සාක්ෂාත් කර ගන්නා ලද අතර පළමුවන කම්කරු රාජ්‍යය ද රුසියාවේ පිහිටුවන ලදී. 1917 බොල්ෂෙවික් විප්ලවය සිදුවන අවධියේ රුසියාව පසුගාමී ඌන සංවර්ධිත රටක් විය. කම්කරු පන්තියට අමතරව සෝවියට් දේශය තුළ කෝටියක් ගොවීන් ද,විවිධ ජාතීන් ද, පීඩනය, අන්ත දුගීබව සහ අනවබෝධය උරුම කරගෙන ජීවත් වූහ. විප්ලවය දියුණු කාර්මික රටවලට පැතිර යාමට අපොහොසත් වීම, නව කම්කරු රාජ්‍යයේ වර්ධනය කෙරෙහි පමණක් නොව, විසි වන…
නොනවතින විප්ලවයේ න්‍යාය සිහිනයක්ද? (දෙවන කොටස)
“අවිනිශ්චිත දීර්ඝ කාලයක් තුළ හා අනවරතයෙන් ඇතිවන්නා වූ අරගල මගින් සියලු සමාජ සම්බන්ධතාවයන් පරිවර්තනය වේ. සමාජය දිගින් දිගටම එහි හැව ඉවත දමයි.“ (ට්‍රොට්ස්කි – නොනවතින විප්ලවය). ලෙනින්ගේ ස්ථාවරය. 1917 අප්‍රේල් මාසය වනතුරු ලෙනින් මීට වඩා වෙනස් මතයක් දැරුවේය. රුසියාවේ ජාතික ධනේශ්වරයට රුසියානු ධනේශ්වර විප්ලවයේ කර්තව්‍යයන් ඉටු කරගැනීමට නොහැකි බැව් ලෙනින්ද පිළිගත්තේය. එහෙත් එළඹෙන විප්ලවයේ නායකත්වය දරනු ලබන්නේ කෙබඳු සමාජ බලවේගයක් හෝ බලවේගයන් ද යන ප්රශ්නය පිළිබඳ ලෙනින් ට්‍රොට්ස්කිට වඩා වෙනස් මතයක් දැරීය. ලෙනින් ගේ මතය අනුව එළඹෙන විප්ලවය ධනේශ්වර විප්ලවයක් වූ අතර එහි නායකත්වය සමාජ ප්රජාතන්ත්රවාදය (එනම් කම්කරු පන්තියේ දේශපාලන…
නොනවතින විප්ලවයේ න්‍යාය සිහිනයක්ද?
මේ වන විට ශ්‍රී ලංකාවේ ජනතාව අතර විවාදයට තුඩුදී ඇති ප්‍රශ්නයක් වනුයේ වසර 75 ක් පුරා පරාධීන දේශපාලන හා සමාජ-ආර්ථික පිළිවෙතක් අනුගමනය කළ හා කරන සෑම සියළු දේශපාලන ප්‍රවනතාවයකටම අයත් ශ්‍රී ලංකාවේ පාලක පංති ප්‍රභූන් විසින් මෙතෙක් පවත්වාගෙන ගොස් ඇති මර්දනකාරී හා දූෂිත පාලන තන්ත්රය පෙරළා දැමීම කුමන බලවේගයක් සිදු කරන්නේද, එසේ පෙරළා දැමීමට හැකි වන්නේ නම්, ඉන් පසු කෙබඳු දේශපාලන – ආර්ථික ක්‍රමයක් බිහිවන්නේද යන්නත්ය. එහෙත් එළඹීමට නියමිත ජනාධිපතිවරණයෙන් හෝ මහ මැතිවරණයකින් හෝ එබඳු වෙනසක් ඇතිවේයයි සිතීම සම්පූර්ණයෙන්ම මනෝමූල අදහසකි. මෙම තත්ත්වය තුළ ජනතාවට සහන සැලසෙන සැබෑ ප්රජාතන්ත්රවාදී වෙනසක්…
මිනිස් ශිෂ්ටාචාරය බිද වැටීමේ අනතුරක්!බිලියන ගණනක් වන ගෝලීය මිනිස් ජනගහණය ඒ් සදහා සූදානම්ද?
“මෙය තාක්ෂණික හෝ විද්‍යාත්මක හෝ ගැටළුවක් නොවන්නේය; මෙය මානවයාගේ සමාජ-දේශපාලන වටිනාකම් පිළිබද ගැටළුවකි…” මෑත කාලීනව දේශගුණික හා කාලගුණික විපර්යාෂ සම්බන්ධයෙන් නිකුත්වී ඇති වාර්තාවලින් අනතුරු අගවා ඇත්තේ පාරිසරික විපර්යාෂ සම්බන්ධයෙන් කඩිනම් පියවර නොගතහොත් අද අප ජීවත් වන ලෝකයේ ඉරණම ඉතා අනතුරුදායක තත්ත්වයක පවතින බවයි.කාර්මික විප්ලවය ආරම්භවූ දිනවල පටන් පෘතුවිය ඉතා වේගයෙන් උණුසුම් වීමට පටන් ගෙන ඇති බවත්, වත්මන් ලෝක ප්‍රජාවට මෙම තත්ත්වය වෙනස් කිරීමට ප්‍රමාණවත් පියවර ගැනීමේ වගකීම පැවරී ඇති බවත් විද්‍යාඥයන් බහුතරයක් විසින් පෙන්වා දී ඇත. මෙම පරිසර විනාශයන්ගෙන් වැඩි ප්‍රතිශතයක් සිදුවී ඇත්තේ 1975 න් පසු වන අතර 1880 තිබූ…
ඉදිරියට එන ජන සංහාරය
Sai Englert ගාසා තීරයේදී ඊශ්‍රායලය ජන සංහාරයක් කිරීමට සූදානම් වෙමින් සිටී. එය එසේ කරන්නේ නිහඬව නොවේ. එය සෑම දිනකම එහි අභිප්‍රාය පුනරුච්චාරණය කරමින්, එය සිය වචනයෙන් සහ ක්‍රියාවෙන් ලෝකයට ප්‍රකාශ කරයි. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය Yoav Gallant ගාසා තීරයේ සිටින අයව විස්තර කළේ ‘මිනිස් සතුන්’ ලෙසයි. ඊශ්‍රායලය අවහිර කරන ලද මුළු තීරයටම ජලය, ඉන්ධන, විදුලිය සහ ආහාර කපා හරින බව ප්‍රකාශ කළේය. Likud නිලධාරීන් න්‍යෂ්ටික ප්‍රහාර මෙන්ම දෙවන Nakba ද ඉල්ලා ඇත. ඊශ්‍රායලයේ ජනාධිපති, Isaac Herzog, සිවිල් වැසියන් සහ සටන්කාමීන් අතර වෙනස ප්‍රතික්ෂේප කරමින්, ‘එහි වගකිව යුතු සමස්ත ජාතියක්’ බව ප්‍රකාශ…