අධ්‍යාපන සටහන්

වත්මන් අර්බුදය හමුවේ සමාජවාදීන්ගේ කාර්යභාරය කුමක්ද?

වත්මන් අර්බුදය හමුවේ සමාජවාදීන්ගේ කාර්යභාරය කුමක්ද?

සමාජවාදීන් පරම්පරා ගණනාවක් තිස්සේ රුසියානු විප්ලවයෙන් මෙන්ම ලෝකයේ අන් රටවල විප්ලවවාදී ව්‍යාපාරයන්ගෙන් ආභාසය ලබාගෙන ඇති නමුත්, ඒවායින් උකහාගත් බොහෝ පාඩම් අපගේ කාලයට ගැලපෙන පරිදි නිවැරදිව භාවිතයට ගැනීමට අසමත්වී ඇත. අද ඉතා ගැඹුරු අර්බුදයට ගොස් ඇති වත්මන් ධනපති ක්‍ර‍මයේ වෙනසක් ඇති කිරීමට නම්, අපි ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදය පිළිබඳ න්‍යාය සහ භාවිතය පිළිබඳව බැරෑරුම් ලෙස සලකා බැලිය යුත්තෙමු. ලොවපුරා සමාජවාදි විප්ලවවාදීන් අවුරුදු සියයකට වැඩි කාලයක් රුසියානු විප්ලවයේ දේශපාලන සෙවනැල්ල යටතේ ජීවත් වූහ. 1917 ආදර්ශය අනුව යමින්, පරම්පරාවෙන් පරම්පරාවට සමාජවාදීන් බොල්ෂෙවිකයන්ගේ මූලික දේශපාලන පාඩම් ලෙස ඔවුන් වටහාගත් දේ ක්‍රියාත්මක කිරීමට සහ ඉගෙන ගැනීමට උත්සාහ කළහ. මිලියන සංඛ්‍යාත ක්‍රියාකාරීන් මෙම ව්‍යාපෘතියට සිය දායකත්වය ලබා දී…
Read More
ස්ටාලින්වාදය අවසන්වී නැත!

ස්ටාලින්වාදය අවසන්වී නැත!

ස්ටාලින්වාදී පිළිවෙත්වලින් නොමිදෙන තාක් කල්, යළි වමේ ව්‍යාපාරයක් ගොඩනැගීම සිහිනයක්ම පමණක් වන්නේය.   බොල්ෂෙවික් වාදය මාක්ස්වාදයේ ඉහළම ඓතිහාසික ප්‍රකාශනය විය.‍ බොල්ෂෙවික් වාදයේ ධජය යටතේ කම්කරු පන්තිය සිය පළමු ජයග්‍රහණය 1917 දී සාක්ෂාත් කර ගන්නා ලද අතර පළමුවන කම්කරු රාජ්‍යය ද රුසියාවේ පිහිටුවන ලදී. 1917 බොල්ෂෙවික් විප්ලවය සිදුවන අවධියේ රුසියාව පසුගාමී ඌන සංවර්ධිත රටක් විය. කම්කරු පන්තියට අමතරව සෝවියට් දේශය තුළ කෝටියක් ගොවීන් ද,විවිධ ජාතීන් ද, පීඩනය, අන්ත දුගීබව සහ අනවබෝධය උරුම කරගෙන ජීවත් වූහ. විප්ලවය දියුණු කාර්මික රටවලට පැතිර යාමට අපොහොසත් වීම, නව කම්කරු රාජ්‍යයේ වර්ධනය කෙරෙහි පමණක් නොව, විසි වන සියවසේ මුළු ඉතිහාසය කෙරෙහි බෙහෙවින් බලපෑවේය. 1917 විප්ලවයෙන් ජනිත වූ…
Read More
නොනවතින විප්ලවයේ න්‍යාය සිහිනයක්ද? (දෙවන කොටස)

නොනවතින විප්ලවයේ න්‍යාය සිහිනයක්ද? (දෙවන කොටස)

“අවිනිශ්චිත දීර්ඝ කාලයක් තුළ හා අනවරතයෙන් ඇතිවන්නා වූ අරගල මගින් සියලු සමාජ සම්බන්ධතාවයන් පරිවර්තනය වේ. සමාජය දිගින් දිගටම එහි හැව ඉවත දමයි.“ (ට්‍රොට්ස්කි - නොනවතින විප්ලවය). ලෙනින්ගේ ස්ථාවරය. 1917 අප්‍රේල් මාසය වනතුරු ලෙනින් මීට වඩා වෙනස් මතයක් දැරුවේය. රුසියාවේ ජාතික ධනේශ්වරයට රුසියානු ධනේශ්වර විප්ලවයේ කර්තව්‍යයන් ඉටු කරගැනීමට නොහැකි බැව් ලෙනින්ද පිළිගත්තේය. එහෙත් එළඹෙන විප්ලවයේ නායකත්වය දරනු ලබන්නේ කෙබඳු සමාජ බලවේගයක් හෝ බලවේගයන් ද යන ප්‍රශ්නය පිළිබඳ ලෙනින් ට්‍රොට්ස්කිට වඩා වෙනස් මතයක් දැරීය. ලෙනින් ගේ මතය අනුව එළඹෙන විප්ලවය ධනේශ්වර විප්ලවයක් වූ අතර එහි නායකත්වය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය (එනම් කම්කරු පන්තියේ දේශපාලන සංවිධානය) හා ගොවිජන පක්ෂයත් අතර ඇතිවන සභාගයක් විසින් දරනු ඇත.…
Read More
නොනවතින විප්ලවයේ න්‍යාය සිහිනයක්ද?

නොනවතින විප්ලවයේ න්‍යාය සිහිනයක්ද?

මේ වන විට ශ්‍රී ලංකාවේ ජනතාව අතර විවාදයට තුඩුදී ඇති ප්‍ර‍ශ්නයක් වනුයේ වසර 75 ක් පුරා පරාධීන දේශපාලන හා සමාජ-ආර්ථික පිළිවෙතක් අනුගමනය කළ හා කරන සෑම සියළු දේශපාලන ප්‍ර‍වනතාවයකටම අයත් ශ්‍රී ලංකාවේ පාලක පංති ප්‍ර‍භූන් විසින් මෙතෙක් පවත්වාගෙන ගොස් ඇති මර්දනකාරී හා දූෂිත පාලන තන්ත්‍ර‍ය පෙරළා දැමීම කුමන බලවේගයක් සිදු කරන්නේද, එසේ පෙරළා දැමීමට හැකි වන්නේ නම්, ඉන් පසු කෙබඳු දේශපාලන - ආර්ථික ක්‍ර‍මයක් බිහිවන්නේද යන්නත්ය. එහෙත් එළඹීමට නියමිත ජනාධිපතිවරණයෙන් හෝ මහ මැතිවරණයකින් හෝ එබඳු වෙනසක් ඇතිවේයයි සිතීම සම්පූර්ණයෙන්ම මනෝමූල අදහසකි. මෙම තත්ත්වය තුළ ජනතාවට සහන සැලසෙන සැබෑ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී වෙනසක් ඇති කිරීම සඳහා ජනතාව බලමුළු ගැන්විය හැක්කේ කෙසේද යන්න පිළිබඳ…
Read More