2023 CMU මැයි දින සැමරුම

වැඩ කරන ජනතාවගේ ස්වාධීන වෘත්තීය සමිති සංවිධානයක් ලෙස ලංකා ‌වෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමය (CMU) සිය මූලස්ථානයේදී මෙවර මැයි දින සැමරුම පවත්වන ලද අතර සැමරුම් රැස්වීමෙන් අනතුරුව පෙළපාලියක්ද පවත්වන ලදී.

මෙම මැයි දිනයේ තේමාවන් වූයේ:

  • CMU යළි ගොඩනගමු!
  • වැඩ කරන ජනතාවගේ ජීවන තත්ත්වය රැක ගනිමු!
  • ශ්‍ර‍මිකයාට අවම ජීවන වැටු ක් සඳහා සටන් කරමු!
  • ණය බර වැඩ කරන ජනතා කර මත පැටවීමට එරෙහිව නැගී සිටිමු!
  • ප්‍රජාතන්ත්‍ර විරෝධී ත්‍රස්ත පනත රාජය කරමු!
  • ශ්‍රම විරෝධි සහ වරප්‍රසාද කප්පාදු කරන අණ පනත් පරාජය කරමු!
  • වැඩකරන ජනතා බලය ගොඩනගමු!

මෙතෙක් බලයට පත් ආණ්ඩු විසින් අනුගමනය කරනු ලැබූ අදූරදර්ශී ආර්ථික ප්‍රතිපත්තීන් හේතුකොටගෙන ඇතිවූ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස වැඩ කරන ජනතාවගේ ජීවන තත්ත්වය අද දරුණු සෝදාපාලුවකට ලක්වී ඇත.

මෙම අර්බුදයට මුහුණදීම සඳහා වැඩ කරන ජනතාවට සිය බලය ස්වාධීනව සංවිධානය කර ගැනීමෙන් තොරව ආණ්ඩු බලයට පොරකන පක්ෂ සංවිධානවල දේශපාලන නායකයන් හෝ න්‍යාය පත්‍රයන් වටා ගොනුවීමෙන් කිසිවක් ඉෂ්ට කරගත නොහැකි බව කම්කරුවන් සිය අත්දැකීම් තුළින් තේරුම් ගනිමින් සිටිති. මෙම තත්ත්වය සංකේතවත් කරමින් 2023 මැයි දිනය ස්වාධීනව සමරන්නට ලංකා ‌වෙළඳ, කාර්මික සහ පොදු කම්කරු සංගමය (CMU) තීරණය කර ඇත.

මෙම මැයි දින රැලියේ සහ පෙළපාලියේ දර්ශන කිහිපයක් පහත දැක්වේ: