Featured

දේශපාලනයට නව දැක්මක්

දේශපාලනයට නව දැක්මක්

Jaya Pathmapani May 11 Republished from https://jayavoice.com/ 1. යුක්තිය ඉටුකර ගැනීමේ දේශපාලනය දරුමල්ලන් ඇති දැඩි කර ගෙන නෑ හිත මිතුරන් ඇසුරු කර ගෙන අවසානය දක්වා ම තුටුපහටු අභිමානවත්  ජීවිතයක් ගත කිරීම අප සියලු දෙනාට ම ඇති මූලික අභිලාෂයකි. එය බොහෝ විට අපේ මුඛ්‍ය දේශපාලන පරමාර්ථය ද වේ. එහෙත් ‘බලය අත්පත් කර ගැනීමේ දේශපාලනයට’ අනුගත වීමෙන් දේශපාලන අන්තේවාසිකයෙකු වීම හැර සැමට එම අභිලාෂය ඉටු කර ගත හැකි ජන සමාජයක් ගොඩ නගා ගැනීමට මෙතෙක් අපට හැකි වී නැත. ඒ බව නිදහස ලැබී ගත වූ වසර 70 තුළ ශ්‍රී ලංකාවේ දේශපාලනය පිළිබඳ ව අප සියලු දෙනා අතර අඩු වැඩි වසයෙන් ඇති කලකිරීම්වලින් සහ…
Read More
මැයි දිනය, මැයි දිනය: ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය අනතුරේ!

මැයි දිනය, මැයි දිනය: ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය අනතුරේ!

ඓතිහාසිකව ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයක් නඟා සිටුවීමේ පදනම වනුයේ කම්කරු පංති ව්‍යාපාරයයි! මේ වසරේ, ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් බොහොමයක් මැතිවරණ සඳහා සහභාගී වීමට අවස්ථාව ලැබෙන බවට සිහින දකිමින් සිටිනවා විය හැක. එය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඓතිහාසික වසරක් වනු ඇතැයි බොහෝ දෙනෙකු සිතනවාද වියහැක. එහෙත් අපි ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදයේ සෞඛ්‍යය දෙස සමීපව බැලුවහොත් - විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී වෘත්තීය සමිති අයිතිවාසිකම් බිඳ වැටෙමින් ඇති ආකාරය දෙස බැලුවොත්- ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය දැඩි සත්කාර ඒකකයේ තිබෙන බව පෙනීයනු ඇත. වෘත්තීය සමිති ප්‍රජාතන්ත්‍රවාදයේ කේන්ද්‍රය වේ: එකක් නොමැතිව අනෙක තිබිය නොහැක. ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් මත ගොඩනැගුණු දීර්ඝ ඉතිහාසයක් ඇති ලොව විශාලතම සමාජ ව්‍යාපාරය ලෙස ගෝලීය වෘත්තීය සමිති ව්‍යාපාරය, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට සහ යළි ගොඩනැගීමට සිය…
Read More
2024 මැයි දිනය: කම්කරු කොමියුන මත පදනම්වූ නව ජනතා ව්‍යාපාරයක් සඳහා එක්වෙමු!

2024 මැයි දිනය: කම්කරු කොමියුන මත පදනම්වූ නව ජනතා ව්‍යාපාරයක් සඳහා එක්වෙමු!

සමස්තයක් වශයෙන්, සංවිධිත ශ්‍රමය එනම් වෘත්තීය සමිති ලොව පුරා කම්කරුවන්ගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීමේ වැදගත් බලවේගයක් ලෙස දිගටම පවතී. කෙසේ වෙතත්, කම්කරු ව්‍යාපාරය සඳහා උදාවී ඇති නව අවස්ථා සහ නව අභියෝග යන දෙකටම මුහුණ දෙමින්, ආර්ථික, සමාජීය සහ තාක්ෂණික ප්‍රවණතාවල  වෙනස්වීම්වලට ප්‍රතිචාර වශයෙන් ශ්‍රම සංවිධානයේ භූ දර්ශනයද විකාශනය වේ. විවිධ රටවල් සහ විවිධ කර්මාන්ත හරහා කම්කරුවන් අතර සම්බන්ධීකරණය සහ සහයෝගීතාව ගොඩනැගීමේ උත්සාහයන් තුලින් (ස්වයංක්‍රීය කම්කරු හා ජනතා කොමියුන ගොඩනැඟීම මඟින්) කම්කරු අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම්වලට විසඳුම් සෙවීමට සහ ලොව පුරා සාධාරණ සේවා කොන්දේසි ප්‍රවර්ධනය කිරීමට හැකි ජාතික, කලාපීය සහ ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැඟීම වඩාත් වැදගත් වී ඇත. එමගින් ලෝක කම්කරු…
Read More
වත්මන් අර්බුදය හමුවේ සමාජවාදීන්ගේ කාර්යභාරය කුමක්ද?

වත්මන් අර්බුදය හමුවේ සමාජවාදීන්ගේ කාර්යභාරය කුමක්ද?

සමාජවාදීන් පරම්පරා ගණනාවක් තිස්සේ රුසියානු විප්ලවයෙන් මෙන්ම ලෝකයේ අන් රටවල විප්ලවවාදී ව්‍යාපාරයන්ගෙන් ආභාසය ලබාගෙන ඇති නමුත්, ඒවායින් උකහාගත් බොහෝ පාඩම් අපගේ කාලයට ගැලපෙන පරිදි නිවැරදිව භාවිතයට ගැනීමට අසමත්වී ඇත. අද ඉතා ගැඹුරු අර්බුදයට ගොස් ඇති වත්මන් ධනපති ක්‍ර‍මයේ වෙනසක් ඇති කිරීමට නම්, අපි ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදය පිළිබඳ න්‍යාය සහ භාවිතය පිළිබඳව බැරෑරුම් ලෙස සලකා බැලිය යුත්තෙමු. ලොවපුරා සමාජවාදි විප්ලවවාදීන් අවුරුදු සියයකට වැඩි කාලයක් රුසියානු විප්ලවයේ දේශපාලන සෙවනැල්ල යටතේ ජීවත් වූහ. 1917 ආදර්ශය අනුව යමින්, පරම්පරාවෙන් පරම්පරාවට සමාජවාදීන් බොල්ෂෙවිකයන්ගේ මූලික දේශපාලන පාඩම් ලෙස ඔවුන් වටහාගත් දේ ක්‍රියාත්මක කිරීමට සහ ඉගෙන ගැනීමට උත්සාහ කළහ. මිලියන සංඛ්‍යාත ක්‍රියාකාරීන් මෙම ව්‍යාපෘතියට සිය දායකත්වය ලබා දී…
Read More
ස්ටාලින්වාදය අවසන්වී නැත!

ස්ටාලින්වාදය අවසන්වී නැත!

ස්ටාලින්වාදී පිළිවෙත්වලින් නොමිදෙන තාක් කල්, යළි වමේ ව්‍යාපාරයක් ගොඩනැගීම සිහිනයක්ම පමණක් වන්නේය.   බොල්ෂෙවික් වාදය මාක්ස්වාදයේ ඉහළම ඓතිහාසික ප්‍රකාශනය විය.‍ බොල්ෂෙවික් වාදයේ ධජය යටතේ කම්කරු පන්තිය සිය පළමු ජයග්‍රහණය 1917 දී සාක්ෂාත් කර ගන්නා ලද අතර පළමුවන කම්කරු රාජ්‍යය ද රුසියාවේ පිහිටුවන ලදී. 1917 බොල්ෂෙවික් විප්ලවය සිදුවන අවධියේ රුසියාව පසුගාමී ඌන සංවර්ධිත රටක් විය. කම්කරු පන්තියට අමතරව සෝවියට් දේශය තුළ කෝටියක් ගොවීන් ද,විවිධ ජාතීන් ද, පීඩනය, අන්ත දුගීබව සහ අනවබෝධය උරුම කරගෙන ජීවත් වූහ. විප්ලවය දියුණු කාර්මික රටවලට පැතිර යාමට අපොහොසත් වීම, නව කම්කරු රාජ්‍යයේ වර්ධනය කෙරෙහි පමණක් නොව, විසි වන සියවසේ මුළු ඉතිහාසය කෙරෙහි බෙහෙවින් බලපෑවේය. 1917 විප්ලවයෙන් ජනිත වූ…
Read More
නොනවතින විප්ලවයේ න්‍යාය සිහිනයක්ද? (දෙවන කොටස)

නොනවතින විප්ලවයේ න්‍යාය සිහිනයක්ද? (දෙවන කොටස)

“අවිනිශ්චිත දීර්ඝ කාලයක් තුළ හා අනවරතයෙන් ඇතිවන්නා වූ අරගල මගින් සියලු සමාජ සම්බන්ධතාවයන් පරිවර්තනය වේ. සමාජය දිගින් දිගටම එහි හැව ඉවත දමයි.“ (ට්‍රොට්ස්කි - නොනවතින විප්ලවය). ලෙනින්ගේ ස්ථාවරය. 1917 අප්‍රේල් මාසය වනතුරු ලෙනින් මීට වඩා වෙනස් මතයක් දැරුවේය. රුසියාවේ ජාතික ධනේශ්වරයට රුසියානු ධනේශ්වර විප්ලවයේ කර්තව්‍යයන් ඉටු කරගැනීමට නොහැකි බැව් ලෙනින්ද පිළිගත්තේය. එහෙත් එළඹෙන විප්ලවයේ නායකත්වය දරනු ලබන්නේ කෙබඳු සමාජ බලවේගයක් හෝ බලවේගයන් ද යන ප්‍රශ්නය පිළිබඳ ලෙනින් ට්‍රොට්ස්කිට වඩා වෙනස් මතයක් දැරීය. ලෙනින් ගේ මතය අනුව එළඹෙන විප්ලවය ධනේශ්වර විප්ලවයක් වූ අතර එහි නායකත්වය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය (එනම් කම්කරු පන්තියේ දේශපාලන සංවිධානය) හා ගොවිජන පක්ෂයත් අතර ඇතිවන සභාගයක් විසින් දරනු ඇත.…
Read More
මිනිස් ශිෂ්ටාචාරය බිද වැටීමේ අනතුරක්!බිලියන ගණනක් වන ගෝලීය මිනිස් ජනගහණය ඒ් සදහා සූදානම්ද?

මිනිස් ශිෂ්ටාචාරය බිද වැටීමේ අනතුරක්!බිලියන ගණනක් වන ගෝලීය මිනිස් ජනගහණය ඒ් සදහා සූදානම්ද?

“මෙය තාක්ෂණික හෝ විද්‍යාත්මක හෝ ගැටළුවක් නොවන්නේය; මෙය මානවයාගේ සමාජ-දේශපාලන වටිනාකම් පිළිබද ගැටළුවකි…” මෑත කාලීනව දේශගුණික හා කාලගුණික විපර්යාෂ සම්බන්ධයෙන් නිකුත්වී ඇති වාර්තාවලින් අනතුරු අගවා ඇත්තේ පාරිසරික විපර්යාෂ සම්බන්ධයෙන් කඩිනම් පියවර නොගතහොත් අද අප ජීවත් වන ලෝකයේ ඉරණම ඉතා අනතුරුදායක තත්ත්වයක පවතින බවයි.කාර්මික විප්ලවය ආරම්භවූ දිනවල පටන් පෘතුවිය ඉතා‌ වේගයෙන් උණුසුම් වීමට පටන් ගෙන ඇති බවත්, වත්මන් ලෝක ප්‍රජාවට මෙම තත්ත්වය වෙනස් කිරීමට ප්‍රමාණවත් පියවර ගැනීමේ වගකීම පැවරී ඇති බවත් විද්‍යාඥයන් බහුතරයක් විසින් පෙන්වා දී ඇත. මෙම පරිසර විනාශයන්ගෙන් වැඩි ප්‍රතිශතයක් සිදුවී ඇත්තේ 1975 න් පසු වන අතර 1880 තිබූ තත්ත්වයේ සිට මේ දක්වා ගෝලීය උෂ්ණත්වය වැඩිවීම සෙන්ට්‍රිගේට් අංශක 0.8…
Read More
ඉදිරියට එන ජන සංහාරය

ඉදිරියට එන ජන සංහාරය

Sai Englert ගාසා තීරයේදී ඊශ්‍රායලය ජන සංහාරයක් කිරීමට සූදානම් වෙමින් සිටී. එය එසේ කරන්නේ නිහඬව නොවේ. එය සෑම දිනකම එහි අභිප්‍රාය පුනරුච්චාරණය කරමින්, එය සිය වචනයෙන් සහ ක්‍රියාවෙන් ලෝකයට ප්‍රකාශ කරයි. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය Yoav Gallant ගාසා තීරයේ සිටින අයව විස්තර කළේ 'මිනිස් සතුන්' ලෙසයි. ඊශ්‍රායලය අවහිර කරන ලද මුළු තීරයටම ජලය, ඉන්ධන, විදුලිය සහ ආහාර කපා හරින බව ප්‍රකාශ කළේය. Likud නිලධාරීන් න්‍යෂ්ටික ප්‍රහාර මෙන්ම දෙවන Nakba ද ඉල්ලා ඇත. ඊශ්‍රායලයේ ජනාධිපති, Isaac Herzog, සිවිල් වැසියන් සහ සටන්කාමීන් අතර වෙනස ප්‍රතික්ෂේප කරමින්, 'එහි වගකිව යුතු සමස්ත ජාතියක්' බව ප්‍රකාශ කර ඇත. ඊශ්‍රායල හමුදා නිලධාරීන් පැහැදිලි කර ඇත්තේ ඔවුන්ගේ අරමුන…
Read More
Nagorno-Karabakh ගැටුම ගැන ඔබ දැනගත යුතු දේ!

Nagorno-Karabakh ගැටුම ගැන ඔබ දැනගත යුතු දේ!

අසර්බයිජානයෙන් වට වූ වාර්ගික ආමේනියානුවන්ගේ වාසස්ථානයක් වන නාගෝර්නෝ-කරබාක්හි වර්ධනය වන අර්බුදය ගැන පසුගිය දින කිහිපය තුළ අපට අසන්නට ලැබුණි. මේ වන විට දස දහස් සංඛ්‍යාත ජනතාවක් තම ජීවිතය සහ තම මව්බිමේ අනාගතය ගැන බියෙන් කලාපයෙන් පලා යති. ප්‍රවීණයන් අපේක්ෂා කරන්නේ ඉදිරි සති කිහිපය තුළ Nagorno-Karabakh හි ජීවත් වන ඇස්තමේන්තුගත පුද්ගලයන් 120,000 දෙනාම පාහේ ආර්මේනියාවට පිටව යා හැකි බවත්, යුරෝපයේ දොරකඩ තවත් සරණාගත අර්බුදයක් නිර්මාණය කළ හැකි බවත්ය. මේ වන විට ලෝකයේ බොහෝ දේ සිදුවෙමින් පවතින අතර, සෑම දෙයක්ම, විශේෂයෙන් සංකීර්ණ ලෙස පෙනෙන දේවල් වේගවත්ලෙස අර්බුදයකට ගමන් කරමින් තිබෙන බව පෙනේ. මෙම සියල්ල ගැන සාමාන්‍ය ලෝක ජනතාවට අවබෝධයක් ඇති කිරීම දුෂ්කර…
Read More
ASIA: The mind of Junious (A Parable)

ASIA: The mind of Junious (A Parable)

FOR PUBLICATION AHRC-ART-011-2023August 29, 2023 An Article by the Asian Human Rights Commission ASIA: The mind of Junious (A Parable) This story is about Junious. Please do not think that I made a mistake in naming the hero and misspelling Junious for genius. I quite understand some people's misunderstanding of that sort because an impression has been created and kept for a long time that Junious was in fact the genius. That is far from the truth. A Junious is rightly called Junious, as you will see when you read this story. The Junious was a practical "trickster". And, being…
Read More