ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක ශ්‍රී ලංකාවේ නීතිය බවට පත් වූ විට..
ලංකාව මැතිවරණය සඳහා සූදානම් වෙමින් සිටියදීම, සුජාත භාවයකින් තොර පාර්ලිමේන්තුවක් හරහා නීති කඩිනමින් ගෙන යමින් තිබේ. එම බොහෝ කෙටුම්පත් නීති අතර – 2023 නොවැම්බර් මාසයේ දී සිය අයවැය කතාවේදී ජනාධිපතිවරයා කියා සිටියේ තමාට නව නීති හැටක් නිර්මාණය කිරීමට හෝ සංශෝධනය කිරීමට අවශ්‍ය බව ය – මේ වන විට වඩාත්ම කුප්‍රකට එකක් වන්නේ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ( ජාමූඅ / IMF ) විසින් පනවන ලද දැඩි කප්පාදු පියවර මගින් දැනටමත් පුරවැසියන් විනාශයට පත් කෙරෙමින් තිබෙන්නේ නම්, මෙම නව පනත් කෙටුම්පත ජාමූඅ විසින් නියම කර ඇති එම කොන්දේසි සහ ඉලක්කම නීතිගත කිරීමට උත්සාහ කරයි. යටත් විජිතකරණයෙන් නිදහස් වූ දා…