සෝවියට් සංගමය බිඳවැටීම…
රාජු ප්‍රභාත් ලංකාලෝක විසිනි 2022 දෙසැම්බර් මාසය සෝවියට් සංගමය බිඳවැටීමේ 31 වන සංවත්සරය සනිටුහන් කරයි. බලවත්ම විකෘති කම්කරු රාජ්‍යය කඩා වැටෙමින් අවුල් ජාලයක් බවට පත්වෙමින් තිබියදී බටහිර අධිරාජ්‍යවාදීන්ගේ ප්‍රීති ඝෝෂා මැද කොමියුනිස්ට්වාදීන් කියාගත් අය රාජ්‍යය සහ එහි වත්කම් කොල්ල කන්නට විය. ධනවාදය එහි අවලස්සන හිස ඔසවා ගත් අතර එහි මිල ගෙවීමට සිදුවූයේ සෝවියට් කම්කරුවන්ටය. ධනවාදයේ ඇම්බැට්ටයින් විසින් සෝවියට් සංගමයේ බිඳවැටීම යනු “කොමියුනිස්ට්වාදය“ අභිබවා “නිදහස් වෙළඳපල ආර්ථිකය” ලබාගත් අවසාන ජයග්‍රහණය ලෙසින් ඉදිරිපත් කරන ලදී. දශක තුනකට පෙර එය ධනේශ්වරය සහ එහි ක්ෂමාලාපකයින් තුළ ප්‍රීති ප්රමෝදයක් ඇති කළේය. ඔවුන් සමාජවාදයේ අවසානය, කොමියුනිස්ට්වාදයේ අවසානය සහ ඉතිහාසයේ අවසානය ගැන පවා කතා කතා කළහ. එතැන්…