ලියොන් ට්‍රොට්ස්කිගේ මුණුබුරකු වූ එස්ටෙබන් වොල්කොව් ( Esteban Volkov) මියයයි!

එස්ටෙබන් වොල්කොව් 2023 ජුනි 16 වන දින සවස මෙක්සිකානු අගනුවරදී මිය ගියේය. ඔහුගේ සීයා වන ලියොන් ට්‍රොට්ස්කිගේ ඝාතනය සම්බන්ධයෙන් ජීවතුන් අතර සිටින අවසාන සාක්ෂිකරු ලෙස ඔහු මෙක්සිකෝවේ සලකනු ලැබීය.

1926 මාර්තු 20 වන දින උපත ලැබූ එස්ටෙබන් වොල්කොව් රුසියානු විප්ලවවාදී ලියොන් ට්‍රොට්ස්කිගේ මුණුපුරා ය. ඔහුගේ සම්පූර්ණ නම Esteban Ercilla Volkov Leontiev වේ. 1940 දී ඔහුගේ සීයාගේ ඝාතනයෙන් පසුව, Volkov සහ ඔහුගේ මව Zinaida Volkova මෙක්සිකෝවේ දේශපාලන රැකවරණ ලබා සිටියහ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 97 කි.

ලියොන් ට්‍රොට්ස්කිට මුණුබුරන් දෙදෙනෙක් සිටි අතර, ඔවුන්ගේ නම් එස්ටෙබන් වොල්කොව් (Esteban Volkov)  සහ Vsevolod “Seva” වොල්කොව් ය. එස්ටෙබන් වොල්කොව් (Esteban Volkov) යනු ට්‍රොට්ස්කිගේ වැඩිමහල් දියණිය වන Zinaida Volkova ගේ පුත්‍රයා වන අතර Vsevolod Volkov ට්‍රොට්ස්කිගේ බාල දියණිය වන Nina Nevelson ගේ පුත්‍රයා වේ.

1939 අගෝස්තුවේදී එස්ටෙබන් වොල්කොව් මෙක්සිකෝවේ කොයෝකාන් (Coyoacàn) කුඩා නගරයට එනවිට ඔහුගේ වයස අවුරුදු දහතුනාමාරක් විය. එවකටත් ස්ටාලින්වාදී රහස් ඔත්තු සේවා එම ප්‍රදේශයේ ක්‍රියාකාරී වූ අතර 1940 මැයි 24 දා එම ඔත්තුකරුවන් විසින් එස්ටෙබන්ව ඝාතනයට උත්සාහ කරන ලදී. එස්ටෙබන් සිය ඇඳ යට සැගවී සිටි අතර ස්ටාලින්වාදී ඝාතකයන් ඇදේ මෙට්ටයට දිගට හරහට වෙඩි තබන ලදී. ඒවායින් එක් උණ්ඩයක් එස්ටෙබන්ගේ කකුලේ මා පට ඇගිල්ලකට වැදුණි. 

එම දිනවලදී, මෙම ඝාතකයෝ ට්‍රොට්ස්කිගේ අනුගාමිකයන් බොහෝ දෙනෙකු ඝාතනය කළ අතර ට්‍රොට්ස්කිගේ සම්පූර්ණ පවුලම නැතිකර දැමීමට උත්සාහ කළහ. දේශපාලනය ගැන කිසිම උනන්දුවක් නොදැක්වූ ට්‍රොට්ස්කිගේ පුත්‍ර‍යාවූ සර්ජි සෙඩොව් (Sergei Sedov) රුසියාවේ නතරවී සිටි අතර ඔහුවද වෙඩි තබා ඝාතනය කරන ලදී.

වොල්කොව් මෙක්සිකෝ නගරයේ හැදී වැඩුණු අතර මෙක්සිකානු පුරවැසියෙකු බවට පත්විය. ඔහුගේ ජීවිත කාලය පුරාම ඔහු තම සීයාගේ මතකය සහ උරුමය ආරක්ෂා කිරීමට ක්‍රියා කළේය. ඔහු ට්‍රොට්ස්කි සහ රුසියානු විප්ලවයේ ඉතිහාසය ගැන සම්මුඛ සාකච්ඡා සහ දේශන පවත්වා ඇත. වොල්කොව් ට්‍රොට්ස්කිගේ ජීවිතය පිළිබඳ ඔහුගේ පෞද්ගලික අත්දැකීම් සහ තීක්ෂ්ණ බුද්ධිය බෙදා ගනිමින් පොත් සහ ලිපි ද ලියා ඇත.

වැඩිහිටියෙකු ලෙස, වොල්කොව් රසායනික ඉංජිනේරුවෙකු ලෙස සේවය කළ අතර මෙක්සිකෝවේ රාජ්‍යය සහ පෞද්ගලික යන දෙඅංශයේම තනතුරු දැරීය. ඔහු විවාහ වී දරුවන් සිටි අතර ඔහුගේ පවුලේ උරුමය වූ දේශපාලන කටයුතු දිගටම කරගෙන ගියේය.

වොල්කොව් ට්‍රොට්ස්කිගේ මතකය සජීවීව තබා ගන්නා ලද්දේ ට්‍රොට්ස්කි සිය ජීවිතයේ අවසාන වසර ගත කළ මෙක්සිකෝ නගරයේ කෞතුකාගාරයක් පවත්වාගෙන යෑමෙන්ය.

ට්‍රොට්ස්කි සිය ජීවිතයේ අවසාන වසර ගත කළ නිවස  හරහා ඔහු යන වි අපට පෙනෙන්නේ වෙඩි උණ්ඩවල සිදුරු සහිත බිත්ති හා ජනේල, බර වානේ දොරවල් (ටිකක් හිරගෙදර වගේ)ය. මේ සියල්ල දැන් දේශපාලන ඝාතනවලට ගොදුරු වූ බහුතරයක් වූ ඔහුගේ පවුලේ කෞතුකාගාරයකි.

ට්‍රොට්ස්කිට 1929 දී සෝවියට් සංගමය හැර යාමට බලකෙරුණු අතර තුර්කියේ ප්‍රින්කිපෝ දූපතේ රැකවරණය සොයා ගත්තේය. වසර කිහිපයකට පසු, ඔහු තුර්කියෙන්, පසුව ප්‍ර‍ංශයෙන් සහ නෝර්වේ වලින් ද නෙරපා හරින ලදී. 1937 දී ඔහු මෙක්සිකෝවේ දේශපාලන රැකවරණ ලබා ගත්තේය.

ඉන්පසුව, 1940 අගෝස්තු 20 වැනිදා ට්‍රොට්ස්කිගේ වාසනාව අවසන් විය. ඔහු ස්ටැලින්වාදී ඒජන්තයෙකු විසින් මරා දමන ලදී.

එස්ටෙබන් සෙඩොව් මෙක්සිකානු පුරවැසියෙකු බවට පත් වූ අතර ඔහු රසායන විද්‍යඥයෙකු වීමට ඉගෙන ගත් ගත්තේය. ඔහු විසින් උපත් පාලන පෙති කාර්මිකව නිෂ්පාදනය සඳහා ක්‍රමයක් සොයා ගත්තේය.

නමුත් ඔහු තම සීයාගේ උරුමය අමතක කළේ නැත. 1989 සිට සෙඩොව් “Museo Casa León Trotsky” හි අධ්‍යක්ෂවරයා ලෙස සේවය කර ඇත.

ලියොන් ට්‍රොට්ස්කි පිළිබද ඓතිහාසික මතකය සහ රුසියානු විප්ලවයට ඔහුගේ දායකත්වය ආරක්ෂා කිරීමේ වැදගත් කාර්යභාරය අඛණ්ඩව පවත්වා ගෙන ගිය  චරිතයක් වශයෙන් වොල්කොව් පිළිබද මතකය හැමදාම පවතිනු ඇත.

මූලාශ්‍ර‍: https://www.leftvoice.org/memories-of-leon-trotsky-from-his-grandson-1849/?fbclid=IwAR1shOGbPtdQQlM5Qz2Avxtvpn9Pi9u-ecxAaG1c4tcnKY_p_5g3tCxQYxs