කැලණිය විජය වීරසේකර සහෝදරයාගේ අභාවය පිලිබඳව අපගේ ආචාරය

විජය වීරසේකර සහෝදරයා වාමාංශික විප්ලවකාරී දේශපාලනය තම දර්ශනය කර ගෙන ජීවන රටාව වෙනස් කරගත් අයෙකි. මාක්ස්වාදී දර්ශනය පිලිබඳව දැඩි විශ්වාසයකින් යුතුව හැදෑරු ඔහු සමාජය වෙනස් කිරීම තම ජීවන පරමාර්ථය ලෙස සලකා තම ජීවන පැවැත්මද වෙනස් කර ගත් අයෙකි. අනාගත ලෝකයේ වෙනස්වීම් ගැන අනෙක් සගයන් වෙත උපදෙස් දෙමින් නිරන්තරයෙන් වාදවිවාදයන්ට එලඹීම හා තියුණු වාග් ප‍්‍රහාරයන්ගෙන් ප‍්‍රතිවාදීන් මෙල්ල කර ගැනීමේ සුවිශේෂ දක්ෂකම් රැසක් විජයගේ චරිතය තුල දිස්විය.

ආහාර දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකරුවෙක් ලෙස සිටිමින් 1980 මහ වැඩවර්ජනයට එක්වූ විජය නව සමසමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙක් මෙන්ම කැළණිය ශාඛාවේ ලේකම්වරයාද විය. රජයේ ලිපිකරු සේවා සංගමයේ මධ්‍යම කාරක සභිකයෙක් ලෙසද කටයුතු කලේය. 1983 ජූලි කලබල වලින් පසුව පක්ෂය තහනම් කර නායකයින් දඩයම් කිරීම සඳහා රාජ්‍ය යාන්ත‍්‍රණය කටයුතු කල අවදියේදී ඔහුට පැවරූ සුවිශේෂී වගකීම් නොපිරිහෙලා ඉටු කරමින් පූර්ණකාලීනව කටයුතු කළ ධෛර්යසම්පන්නව කිහිප දෙනා අතුරින් විජයද ප‍්‍රමුඛයෙකිි.

දේශපාලන වෙනස්වීම් සමග පොදු ජනතාවගේ ගමන්මග සමග අප එක්වන විට විජය සහෝදරයාද ක‍්‍රමයෙන් අපගේ පක්ෂය හා සම්බන්ධව කටයුතු කිරීම ඇරඹුනි. ශක්තිය පුවත්පතට ලිපි ලිවීම මෙන්ම සහෝදරවරුන්ට දේශපාලනය කියාදීම සඳහා ඔහුගේ නිවස නිතොර විවෘත වූ පාසැලක් විය. විජය අසනීප තත්වයට පත්වූ පසුව දේශපාලන කි‍්‍රයාකාරිත්වයට ඍජුව මැදිහත්විමට නොහැකි වුවත් ඔහුගේ දැක්ම හා ඒ වෙනුවෙන් කරුණු දැක්වීම සිදු කරමින් අප පක්ෂය සමග දිගටම සමීප සම්බන්ධකම් පැවැත්විය.

මෑතකදී දැඩිලෙස රෝගාතුර වූ ඔහුගේ වියෝව ඔහු ගැන දැන අ`දුනගත් සහෝදර සහෝදරියන්ට බලවත් ශෝකයකි. විජේගේ වියෝව නිසා ශෝකයට පත් ඔහුගේ බිරිද, දරුවන් ඇතුලූ නැසිය මිතුරන් සමග අපද එක්වෙමු. ඔබගේ කැපකල දේශපාලන දිවිය වෙනුවෙන් අපගේ ආචාරය.