Day: August 14, 2023

“1983 ජූලි දෙමළ විරෝධී සංහාරයෙන් වසර 40කට පසුවත් ඊට අදාල මූලික හේතු ආමන්ත්‍රනය කර නැත” – ලයනල් බෝපගේ

“1983 ජූලි දෙමළ විරෝධී සංහාරයෙන් වසර 40කට පසුවත් ඊට අදාල මූලික හේතු ආමන්ත්‍රනය කර නැත” – ලයනල් බෝපගේ

ලයනල් බෝපගේ මහතා විසින් ලියන ලද මෙම ලිපිය "විකල්ප" වෙබ් පිටුවෙන් උපුටා ගෙන නැවත පළ කරන ලදී. 1983 ජූලි දෙමළ විරෝධී සංහාරය ගැන ඇති තරම් ලියැවී තිබෙන අතර, අපරාධකරුවන් කවුදැයි කවුරුත් දනිති. 2009 මැයි මාසයේ දී සන්නද්ධ ගැටුම අවසන් වන තුරුම එය ශ්‍රී ලංකා ඉතිහාසයේ අඳුරුතම පරිච්ඡේදය ලෙස පැවතුනි. කෙසේ වෙතත්, 1983 ට පෙර ඉතිහාසය 1956, 1958, 1961, 1964, 1974, 1977 සහ 1981 දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයේ බොහෝ ප්‍රහාරයන් දැක තිබේ. 1983 ජූලි දෙමළ විරෝධී සංහාරය දශක දෙකහමාරක් දිගු සිවිල් යුද්ධය සඳහා වේදිකාව සකස් කළේය. එවකට සිටි ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් එජාප පාලනය උතුරු නැඟෙනහිර එල්ටීටීඊය විසින් ද, දකුණේ ජවිපෙ…
Read More