දොන් සමන්ත විසිනි පසුගිය මාස කිහිපය පුරාවට සමස්ථ යුරෝපය පුරාම මහ වැඩවර්ජන රැල්ලක් හමා යමින් තිබේ. ඇත්ත වශයෙන්ම මෙම වර්ජන රැල්ලේ කේන්ද්‍රය ප්‍රංශය බව සිතිය හැක. සත්‍ය වශයෙන්ම ජීවන වියදම වැඩිවිම සහ වෘත්තීය අයිතින් කප්පාදුවට එරෙහිව සහ සුභ සාධන කප්පාදුවට එරෙහිව යුරෝපීයන් යුධ ප්‍රකාශ කර ඇත. ආසන්න පසුගිය දින 40 ක කාලයෙන් දින 12 ක් ප්‍රංශයේ වැඩ වර්ජනය කර ඇත. මෙම ලියුම්කරුද මෙම වැඩ වර්ජනයට රාජ්‍ය අංශයේ අධ්‍යාපනික වෘත්තීය සමිති ක්‍රියාකරුවෙකු ලෙස දායකත්වය දී ඇත. මුළු මහත් ප්‍රංශ ජනතාවත් සියළුම වෘත්තීය සමිති සාතිශය බහුතරය ප්‍රංශ ජනපතිගේ නව විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරනයට…