ඥානසිරි කොත්තිගොඩ විසිනි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ “සර්ව පාක්ෂික සමුළුව” ( ඇත්තෙන්ම මෙය බහු පාක්ෂිකය) ජාතික ප්‍රශ්නයට විසඳුමක් සෙවීමට වඩා ලබන ජනාධිපති මැතිවරණයේ පොහොට්ටුවේ වර්ගවාදී ජනාධිපති අපේක්ෂකයා ලෙස නියත විවරණ ලබා ගැනීමක් තමයි සිදුවුනේ. ජනවාරි 26 දා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ඊනියා සර්ව පාක්ෂික හමුවේදී තමයි වික්‍රමසිංහ ජනාධිපතිවරයා එලෙස නියත විවරණ ලබා ගත්තේ. ඊනියා සමුළුවේදී හෙතෙම මෙහෙම කියනව. “මේ රට බෙදීමට මම සූදානම් නෑ . අපි කවුරුත් ඊට සූදානම් නෑ. මෙතැන අසුන් ගෙන සිටින අප බහුතරයක් සිංහල අයයි. මේ එක්කෙනෙක් වත් සිංහල ජාතිය පාවා දෙන්නේ නෑ. සිංහල ජාතිය ලෝකයේ ඉන්නවානම් දමිළ, මුස්ලිම්,…