චාල්ස් දයානන්ද විසිනි
ළමාචිත්‍ර යනු චිත්රම නොවේ..
ළමයාගේ මුලු ජීවිතයමයි..!!
ලොව සිටින සෑම ළමයෙක්ම අවුරුදු එක පසුවන විට චිත්‍ර අඳිති .එය සොබාදහම ලබා දී ඇති අපූරු දායාදයකි .කුරුටු ගෑමෙන් පටන් ගන්නා දරුවා තමාගේ මුලු ලෝකයම ,මුලු අධ්යාත්මයම සිතුවම් කරයි .
එය නිසි ලෙස තේරුම් නොගන්නා දෙමාපියන් සිතන්නේ තමාගේ දරුවාට විශේෂ චිත්‍ර හැකියාවක් ඇති බවයි .එසේ සිතා චිත්‍ර පංති සොයමින් ඇවිද ලමයාගේ නිර්මාණ හැකියාව මරාදැමීම ට සුදුසු ගුරුවරයෙකු සොයාගෙන ඒ කාර්යය බාර දෙති.ඒ ළමයාගේ විශේෂ දක්ෂතාවයක් නොව පොදුවේ ලොව සියලු දරුවන්ගේ මානසික සංවර්ධනයේ හා චින්තන වර්ධනය සිදුවන අවදියකි .
දරුවා තම ලොවට පිවිසෙන්නේ ළමාචිත්‍ර තුලිනි .මෙය චිත්‍ර පමණක් නොව ක්‍රියාකාරකම් රැසක එකතුවකි..මඩ ඇනීම ,වතුර ඉසීම ,බඩුපෙරලීම,බඩු කැඩීම ..ඇතුල හාරා බැලීම ,කැපීම ,ඇණ ගැසීම ආදී විවිධ ක්‍රියා පද්ධතියක එකතුවකි .ළමයා තම නිදහස් චින්තන ලෝකය පුලුල් කර ගනිමින් ජීවිතයට පිවිසෙන්නේ මේ තුලිනි .
දරුවාගේ සතුට,ප්‍රීතිය මෙන්ම බිය,කලකිරීම,වේදනාව ,විරෝධය ආදී සියල්ල එහි ඇත .ඒ සියල්ල නිදහසේ ප්‍රකාශ කිරීමට දරුවා භාවිතා කරන්නේ චිත්‍රය හා ඇඬීමයි.
ඔහොම නෙවෙයි ..මෙහෙම අදින්න ..ඕක වැරදියි ..කියමින් දරුවාගේ නිදහස් ප්‍රකාශන මනස චප්ප කරමින් වැඩිහිටියන් ගුරුවරුන් දිනපතා කරන්නේ දරුවාගේ නිවහල් චින්තනය මරා දැමීමයි .
මේ දරුවන් ලොකුවූ පසු සමාජය බවට පත්වේ.එක් එක් දරුවා තුළ නිවහල් චින්තනයක් ගොඩනැගීමට ඉඩ දුනහොත් සමාජයම නිව්හල් වේ.එය චප්ප කර මොටකර ගොඩනැගෙන්නේ අසංවේදී,මෝඩ ,බියගුලු,වහල් සමජයකි.
ළමාචිත්‍ර තුළ ඇඳීම පමණක් නොව සිතීමද ඇත.අධ්‍යාපන සංකල්ප ද ඇත .ලමයාගේ අධ්‍යාත්මය කියවියහැකි කැඩපත ළමාචිත්රයයි.ලමයින්ට චිත්‍ර ඉගැන්වීමට පෙර ලමයින්ගෙන් ඉගනගත යුතුය .!
(පහල ඇති චිත්‍ර ආශ්රිත මානසික ප්රකාශනයේ ප්‍රබලත්වය සිතා බලන්න ..ජායාරූප වල දරුවන්ගේ මුහුණු වල ඇති දැඩි ශික්ෂණය ,චිත්තසමාධිය දෙස සියුම්ව බලන්න ..)
ලමයාට චිත්‍ර ඉගැන්වීමට පෙර ලමයාගෙන් ඉගෙන ගන්න ..,!!