විවිධත්වය, සමානාත්මතාවය සහ අන්තර්ග්‍රහනය

Republished From: https://thathu.com/2022/10/11/විවිධත්වය-සමානාත්මතාවය/

ඔක්තෝබර් 11, 2022

Diversity, Equity and Inclusion(DEI)

විවිධත්වය, සමානාත්මතාවය සහ අන්තර්ග්‍රහනය (DEI) යනු විවිධ වයස්වල පුද්ගලයින්, විවිධ ජාතීන් සහ වාර්ගිකයන්, විවිධ හැකියාවන් මෙන්ම ආබාධිතයන්, ස්ත්‍රී පුරුෂ භාවය, ආගම්, සංස්කෘතීන් සහ ලිංගිකත්වය ඇතුළු විවිධ පුද්ගලයින්ගේ නියෝජනය මෙන්ම සහභාගීත්වය ප්‍රවර්ධනය කරන ප්‍රතිපත්ති සහ වැඩසටහන් විස්තර කිරීමට භාවිතා කරන යෙදුමකි. විවිධ පසුබිම්, විවිධ අත්දැකීම්, විවිධ කුසලතා සහ ප්‍රවීණත්වය ඇති පුද්ගලයින් ද මෙයින් ආවරණය වෙයි.

විවිධත්වය යනු කුමක්ද?

විවිධත්වය යන්නට එක් කණ්ඩායමක් හෝ පුද්ගලයෙකු තවත් කණ්ඩායමකින් හෝ පුද්ගලයෙකුගෙන් වෙනස් කර දැක්වෙන විවිධ ලක්ෂණ ඇතුළුව මිනිසුන් එකිනෙකාගෙන් වෙනස් වන සියලු ආකාර ඇතුළත් වේ. විවිධත්වය යන්නට  ඇතුළත්වන කාරණා අතර:

·         ජාතිය සහ වාර්ගිකත්වය(Race and ethnicity)

·         ලිංගික දිශානතිය(Sexual orientation)

·         සමාජ ආර්ථික තත්ත්වය

·         ස්ත්‍රී පුරුෂ සමාජභාවය

·         ආගම

·         භාෂාව

·         වයස

·         විවාහක තත්ත්වය

·         ප්‍රවීණ තත්ත්වය

·         මානසික හැකියාව

·         ශාරීරික හැකියාව

·         ආබාධ සහිත පුද්ගලයන් දැක්විය හැකිය

විවිධත්වයට විවිධ අදහස්, ඉදිරිදර්ශන සහ වටිනාකම් පරාසයක්ම ඇතුළත් විය හැකිය.

සාධාරණත්වය හෙවත් සමානාත්මතාවය යනු කුමක්ද?

සමහර කණ්ඩායම්වලට පූර්ණ සහභාගීත්වය  වළක්වාලන බාධක හඳුනාගෙන ඒවා ඉවත් කිරීමට උත්සාහ කරන අතරම, සාධාරණව සැලකීම හෙවත් සැමට එක හා සමානව සැලකීම, සමාන ප්‍රවේශය, සමාන අවස්ථාවන් සහ සෑම කෙනෙකුටම දියුණුව සහතික කිරීම සමානාත්මතාවයේ අරමුණවෙයි. සාධාරණත්වය, පද්ධති හෝ ආයතන මගින් ක්‍රියාවලි, ක්‍රියා පටිපාටි සහ සම්පත් බෙදා හැරීම තුළ යුක්තිය, සාධාරණත්වය සහ අපක්ෂපාතීත්වය ප්‍රවර්ධනය කරයි. සමානාත්මතාවය යන්න හරිහැටි වටහාගෙන ක්‍රියා කිරීම සඳහා, සමාජයේ පවතින විෂමතාවයේ ප්‍රතිවිපාකවල මූල හේතු මිනිසුන් තේරුම් ගත යුතුය.

අන්තර්ග්‍රහනය යනු කුමක්ද?

සෑම පුද්ගලයෙකුටම හෝ සෑම කණ්ඩායමකටම දායක වීමට මෙන්ම සහභාගී වීමට සක්‍රියව ආරාධනා කිරීමෙන් අන්තර්ග්‍රහනය, සෑම කෙනෙකුටම සාදරයෙන් පිළිගත හැකි සංස්කෘතියක් ගොඩනඟයි. මෙම අන්තර්ග්‍රහී සහ ප්‍රිය මනාප ආකර්ෂණීය පරිසරය, වෙනස්වීම් වලට සහය දක්වනවා පමණක් නොව සහ වෙනස්වීම් වැළඳ ගනියි; වචනයෙන්න් සහ ක්‍රියාවෙන් සෑම කෙනෙකුටම ගරු සැලකිලි ලබා දෙයි.  වැඩ පරිසරයක් සම්බන්ධයෙන් සළකන විට අන්තර්ග්‍රහනය නැතිනම් සෑමදෙනාටම ප්‍රවේශවීමට හා එක සමානයන් ලෙස ක්‍රියාකිරීමට ඉඩ ප්‍රස්ථාව සැපයීම,  සහායවන සුළු, ගෞරවය දක්වන සහ සහයෝගීතාව පැතිරුණු පරිසරයක් වන අතර සියලුම සේවකයින්ට සහභාගී වීමට සහ දායක වීමට අවස්ථාව සැලසීම අරමුණු කරයි. යම් පරිසරයක් තුළ අන්තර්ග්‍රහනය පිණිස ඇති සියලු බාධක, වෙනස්කම් කිරීම් සහ නොඉවසීම ඉවත් කිරීම උදෙසා කළ යුතු සියල්ල ඉ‍ටු කිරීමට අන්තර්ග්‍රාහී සේවා පරිසරයක් උත්සාහ දරයි.

විවිධත්වය, සමානාත්මතාවය සහ අන්තර්ග්‍රහනය  වැදගත් වන්නේ ඇයි?

විවිධත්වය, සමානාත්මතාවය සහ අන්තර්ග්‍රහනය හෙවත් DEI  වැදගත් වන්නේ ඒවා සියලු මිනිසුන්ට සමාන අවස්ථා ලබා ගැනීමට ඉඩ සලසන සාධාරණ සමාජයක් ගොඩනැගීමට උපකාරී වන බැවිනි. පුද්ගලයන් අතර මෙන්ම ශක්තිමත් සංවිධාන අතර ශක්තිමත් බැඳීම් ඇති කිරීමට උපකාර කිරීම උදෙසා DEI, විවිධ පුද්ගලයන්, විවිධ පර්යාලෝක, සහ විවිධ අදහස් එකටඑක් කරයි:

 සදාචාරාත්මක වශයෙන් DEI ඇගැයීම සඳහා පාදක වන කාරණය නම්, ඒ තුළ සෑම කෙනෙකුටම දායක වීමට වටිනා යමක් ඇති අතර, අඩු නියෝජනයක් ඇති කණ්ඩායම් සඳහා අසාධාරණ තත්ත්වයන් ඇති කරවන බාධක සහ ඓතිහාසික සාධක ගැන  යොමුවී  පෙණී සිටීමට එවැනි සමාජයකට වගකීමක් ඇත. නිදසුනක් වශයෙන්, සදාචාරාත්මක ආස්ථානයකින් බලන විට, ලාභ නොලබන සංවිධානවල මෙහෙවර සමාජය වැඩිදියුණු කිරීම නිසාවෙන්, ඒවායේ විවිධතවය, සාධාරණය සහ අන්තර්ග්‍රහනය ඉස්මතු විය යුතුය.

ආර්ථික වශයෙන්, ගත්තද විවිධත්වයකින් තොරව, සංවිධානවලට බොහෝ දුරට නව ඉදිරිදර්ශනයන් නැතිනම් පර්යාලෝකයන් නොමැතිවීමට බොහෝ දුරට ඉඩප්‍රස්ථා ඇති අතර විවිධත්වය වැළඳ ගන්නා අනෙකුත් සමාගම් මෙන් තරඟකාරීද නොවේ. සමානාත්මතාවය සහ අන්තර්ග්‍රහනය කිරීමේ සංස්කෘතියකින් තොර වූ කල්හී අඩු නියෝජනයක් ලැබෙන බව වටහා ගන්නා සේවකයින් ආයතනය අත්හැර යන්නේ ඔවුන් සතු දක්ෂතා හා නිපුණතාද රැගෙනය.

විවිධත්වය, සමානාත්මතාවය සහ අනතර්ග්‍රහනය අතර වෙනස්කම් මොනවාද?

විවිධත්වය, සමානාත්මතාවය සහ අනතර්ග්‍රහනය  ස්වභාවයෙන්ම එකිනෙකට එසම්බන්ධ වුවද,  ඇත්තවශයෙන්ම,ඒවා ද වෙන වෙනම සංකල්ප වේ.

විවිධත්වය යනු මිනිසුන් යනු නිශ්චිත ලක්ෂණ සමූහයක් සහිත පිරිසක් නොවන බව පිළිගැනීම සහ ඒ, එක් එක් හඬ අද්විතීය බව පිළිගැනීමයි. සැබෑ විවිධත්වයට නම් එක් එක් පුද්ගලයා පිළිබඳ ගැඹුරු අවබෝධයක් අවශ්‍ය වේ. විවිධත්වය යනු ස්ත්‍රී පුරුෂ භාවය, ලිංගිකත්වය, සංස්කෘතිය සහ පළපුරුද්ද ඇතුළු විශේෂිත ලක්ෂණවලට අදාළ වන පරිදි සමාගමක ශ්‍රමික බලකායක් වැනි ආයතනයක් හෝ සංවිධානයක් තුල සාමාජික පිරිස කෙතරම් විවිධාකාරද යන්නයි. එහි හරය වශයෙන් ඇත්තේ, ව්‍යාපාරයකට හෝ සංවිධානයකට විවිධ ඉදිරිදර්ශන හෙවත් පර්යාලෝක පිළිගැනීමට අවකාශ තිබීමයි.

අනෙක් අතට, අන්තර්ග්‍රහනය යනු සංවිධානයක හෝ සමාගමක සෑම සේවකයෙකුටම ඉදිරියට යාමට සහ සාර්ථක වීමට අවශ්‍ය ඉඩප්‍රස්ථා ලබා දීම සහතික කිරීම වන  අතර විවිධත්වය යනු විවිධාකාර පසුබිම් සහ අත්දැකීම් සහිත සේවක හෝ සමාජික බලකායක් නිර්මාණය කිරීමයි. අන්තර්ග්‍රහනය යනු සියලුම සේවකයින්ට ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට හෙවත් හඬ නැගීමට අවස්ථාව ලබා දීම වන අතර එමඟින් ඔවුන්ගේ අනන්‍යතා මත පදනම්ව ඔවුන් බැහැර කර ඇති බවක් දැනී නොයාමට, ඔවුන්ගේ ආයතනයේ වටිනාකම්  තමන් තුළ පිළිබිඹු වන බව දැකීමට ඔවුන්ට හැකි වීමට සැලැස්වීමයි.

රැකියා ස්ථානයේ, නැතිනම් වෙනත් ආයාතනයක් හෝ සංවිධානයක් තුළ සිටින සියල්ලන්ම වෙනස් බව නැතිනම් විවිධබව  සමානාත්මතාවය යන සංකල්පය පිළිගනී; තවද එම වෙනස්කම්, එම විවිධතවය සෑම කෙනෙක්ම විශිෂ්ටයන් බවට පත් කරයි. එනිසා, සමානාත්මතාවය පිළිගන්නා සමාගම් හෝ සංවිධාන  ‘සියල්ලන්ටම එකම දෙය ගැලපෙන්නේය’ යන ප්‍රතිපත්තිය ස්ථාපිත නොකරයි. ඒ වෙනුවට ඔවුන් පුද්ගල අවශ්‍යතා සැලකිල්ලට ගන්නා අතරම සුළුතර කණ්ඩායම් මුහුණ දෙන අවාසි මගහැර්වීම සඳහා ආයතනික ව්‍යුහයන් නැවත සකස් කරයි.

USDA National Institute of Food Agriculture හී පළව ඇති diversity, equity and inclusion (DEI) යන ලිපිය ඇසුරෙනි