කම්කරුවෝ ලෝකය වෙනස් කරති! ලොව පුරා කම්කරුවන් විසින් මැයි දිනය සැමරීමේ අරමුණ වනුයේ ලෝකයේ කම්කරු අරගල යළි සිහිපත් කිරීමත්, කම්කරු අයිතීන් රැක ගැනීමට සහ සූරාකෑමට ඒරෙහිව අරගලය කිරීමට ඇති කැපවීම යළි යළිත් අවධාරණය කිරීම වන්නේය. ඉතිහාසය පුරාම ලෝක කම්කරු පංතිය සාධාරණ වැටුපක්, හොද සේවා තත්ත්වයන්, සමාජ සුරක්ෂිතභාවය සහ ගෞරවාන්විතව වැඩ කිරීමට ඇති අයිතිය වෙනුවෙන් අරගල කර ඇත. අද ලොව පුරා සෑම රටකම ධනපති පාලකයෝ මෙම අයිතීන් යටපත් කිරීමට උත්සාහ දරමින් සිටිති. ධනපති හාම්පුතුන්ට හිතුමතේ සේවා තත්ත්වයන් හැසිරවීම සදහා අවකාශ දීමට, විශ්‍රාම වැටුප් ක්‍රම අහෝසි කිරීමට, තරුණ පරම්පරාවට රැකියා අවස්ථාවන් අහිමි…