ලංකා වෙළඳ සේවක සංගමයේ (CMU) 37 වෙනි නියෝජිත සම්මේලනය 2023 පෙබරවාරි 17 යෝජනා පූර්විකාව අප සංගමයේ 37 වෙනි සම්මේලනය පැවැත්වෙන්නේ, 1948 නිදහසින් පසු දරුණුතම ආර්ථික අර්බුදයකට රට මුහුණ දී සිටින අප ඉතිහාසයේ පෙර නොවූ විරූ කාලයකදීයි. මේ රටේ සාමාන්‍ය, වැඩකරන ජනතාවගේ ජීවිත අනතුරේ බව අපගේ විශ්වාසයයි. ඔවුන්ගේ මූලික මානව හිමිකම් රජයේ ප්‍රහාරයට දිගින් දිගටම ලක්ව ඇතිවා පමණක් නොව, ශිෂ්ට වැටුපක් උපයා ගැනීමට, අභිමානවත් ජීවිතයක් ගත කිරීමට සහ තම පවුල්වල මූලික අවශ්‍යතා සපයා ගැනීමට ඇති හැකියාව ද පිහි තුඩ අග රැඳී ඇත. එබැවින් අපි අපගේ සම්මේලනය මූලික ප්‍රශ්න දෙකකින් ආරම්භ කරමු:…