Day: July 6, 2022

පී. රාජනායගම් – වාර්ගික සුළුතරයන්ගේ ස්වයං නිර්ණය අයිතිය සහ මානව හිමිකම්, කම්කරු අයිතීන්, දරිද්‍රතාවය යනාදිය අතර පවතින සම්බන්ධය ප්‍රකාශ කිරීමේ පුරෝගාමියෙකි.

පී. රාජනායගම් – වාර්ගික සුළුතරයන්ගේ ස්වයං නිර්ණය අයිතිය සහ මානව හිමිකම්, කම්කරු අයිතීන්, දරිද්‍රතාවය යනාදිය අතර පවතින සම්බන්ධය ප්‍රකාශ කිරීමේ පුරෝගාමියෙකි.

රෙඩ්ලි සිල්වා සහ විල්ප්‍රඩ් සිල්වා විසිනි ශ්‍රී ලංකාවේ වමේ මෙන්ම කම්කරු පංති ඉතිහාසයේ ස්වර්ණමය යුගයේ බිහිවූ, කම්කරු හා සියළුම ජනවර්ගවලට අයත් පීඩිතයන්ගේ විමුක්තිය, සමානාත්මතාවය හා සහයෝගය මත පදනම්වූ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී පදනමකින් යුත් අරගලයක් හරහා දිනා ගැනීමට අඛණ්ඩ හා අප්‍ර‍තිහත අරගලයක යෙදුනු පී.රාජනායගම් සහෝදරයා අප අතරින් නික්ම ගොසිනි.  රාජනායගම් සහෝදරයාගේ වියෝව ගැන දැන ගැනීම අපට ඉමහත් දුකක් ගෙනදුන් අවස්ථාවවකි. මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවේ, එක්සත් රාජධානියේ සහ වෙනත් රටවල සිටින රාජා සහෝදරයාගේ ඥාතීන්, මිතුරන් සහ සහෝදරවරුන් වෙත අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමු. ශ්‍රී ලංකාවේ සහ අනෙකුත් ප්‍රදේශවල සුළුතර ජනවාර්ගිකයන්ගේ මානව හිමිකම් සහ ස්වයං නිර්ණ අයිතිය සාමකාමීව දිනා ගැනීම සහ ආරක්‍ෂා කිරීම සඳහා…
Read More