Blog

වත්මන් අර්බුදය හමුවේ සමාජවාදීන්ගේ කාර්යභාරය කුමක්ද?

වත්මන් අර්බුදය හමුවේ සමාජවාදීන්ගේ කාර්යභාරය කුමක්ද?

සමාජවාදීන් පරම්පරා ගණනාවක් තිස්සේ රුසියානු විප්ලවයෙන් මෙන්ම ලෝකයේ අන් රටවල විප්ලවවාදී ව්‍යාපාරයන්ගෙන් ආභාසය ලබාගෙන ඇති නමුත්, ඒවායින් උකහාගත් බොහෝ පාඩම් අපගේ කාලයට ගැලපෙන පරිදි නිවැරදිව භාවිතයට ගැනීමට අසමත්වී ඇත. අද ඉතා ගැඹුරු අර්බුදයට ගොස් ඇති වත්මන් ධනපති ක්‍ර‍මයේ වෙනසක් ඇති කිරීමට නම්, අපි ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදය පිළිබඳ න්‍යාය සහ භාවිතය පිළිබඳව බැරෑරුම් ලෙස සලකා බැලිය යුත්තෙමු. ලොවපුරා සමාජවාදි විප්ලවවාදීන් අවුරුදු සියයකට වැඩි කාලයක් රුසියානු විප්ලවයේ දේශපාලන සෙවනැල්ල යටතේ ජීවත් වූහ. 1917 ආදර්ශය අනුව යමින්, පරම්පරාවෙන් පරම්පරාවට සමාජවාදීන් බොල්ෂෙවිකයන්ගේ මූලික දේශපාලන පාඩම් ලෙස ඔවුන් වටහාගත් දේ ක්‍රියාත්මක කිරීමට සහ ඉගෙන ගැනීමට උත්සාහ කළහ. මිලියන සංඛ්‍යාත ක්‍රියාකාරීන් මෙම ව්‍යාපෘතියට සිය දායකත්වය ලබා දී…
Read More
ස්ටාලින්වාදය අවසන්වී නැත!

ස්ටාලින්වාදය අවසන්වී නැත!

ස්ටාලින්වාදී පිළිවෙත්වලින් නොමිදෙන තාක් කල්, යළි වමේ ව්‍යාපාරයක් ගොඩනැගීම සිහිනයක්ම පමණක් වන්නේය.   බොල්ෂෙවික් වාදය මාක්ස්වාදයේ ඉහළම ඓතිහාසික ප්‍රකාශනය විය.‍ බොල්ෂෙවික් වාදයේ ධජය යටතේ කම්කරු පන්තිය සිය පළමු ජයග්‍රහණය 1917 දී සාක්ෂාත් කර ගන්නා ලද අතර පළමුවන කම්කරු රාජ්‍යය ද රුසියාවේ පිහිටුවන ලදී. 1917 බොල්ෂෙවික් විප්ලවය සිදුවන අවධියේ රුසියාව පසුගාමී ඌන සංවර්ධිත රටක් විය. කම්කරු පන්තියට අමතරව සෝවියට් දේශය තුළ කෝටියක් ගොවීන් ද,විවිධ ජාතීන් ද, පීඩනය, අන්ත දුගීබව සහ අනවබෝධය උරුම කරගෙන ජීවත් වූහ. විප්ලවය දියුණු කාර්මික රටවලට පැතිර යාමට අපොහොසත් වීම, නව කම්කරු රාජ්‍යයේ වර්ධනය කෙරෙහි පමණක් නොව, විසි වන සියවසේ මුළු ඉතිහාසය කෙරෙහි බෙහෙවින් බලපෑවේය. 1917 විප්ලවයෙන් ජනිත වූ…
Read More
නොනවතින විප්ලවයේ න්‍යාය සිහිනයක්ද? (දෙවන කොටස)

නොනවතින විප්ලවයේ න්‍යාය සිහිනයක්ද? (දෙවන කොටස)

“අවිනිශ්චිත දීර්ඝ කාලයක් තුළ හා අනවරතයෙන් ඇතිවන්නා වූ අරගල මගින් සියලු සමාජ සම්බන්ධතාවයන් පරිවර්තනය වේ. සමාජය දිගින් දිගටම එහි හැව ඉවත දමයි.“ (ට්‍රොට්ස්කි - නොනවතින විප්ලවය). ලෙනින්ගේ ස්ථාවරය. 1917 අප්‍රේල් මාසය වනතුරු ලෙනින් මීට වඩා වෙනස් මතයක් දැරුවේය. රුසියාවේ ජාතික ධනේශ්වරයට රුසියානු ධනේශ්වර විප්ලවයේ කර්තව්‍යයන් ඉටු කරගැනීමට නොහැකි බැව් ලෙනින්ද පිළිගත්තේය. එහෙත් එළඹෙන විප්ලවයේ නායකත්වය දරනු ලබන්නේ කෙබඳු සමාජ බලවේගයක් හෝ බලවේගයන් ද යන ප්‍රශ්නය පිළිබඳ ලෙනින් ට්‍රොට්ස්කිට වඩා වෙනස් මතයක් දැරීය. ලෙනින් ගේ මතය අනුව එළඹෙන විප්ලවය ධනේශ්වර විප්ලවයක් වූ අතර එහි නායකත්වය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය (එනම් කම්කරු පන්තියේ දේශපාලන සංවිධානය) හා ගොවිජන පක්ෂයත් අතර ඇතිවන සභාගයක් විසින් දරනු ඇත.…
Read More
නොනවතින විප්ලවයේ න්‍යාය සිහිනයක්ද?

නොනවතින විප්ලවයේ න්‍යාය සිහිනයක්ද?

මේ වන විට ශ්‍රී ලංකාවේ ජනතාව අතර විවාදයට තුඩුදී ඇති ප්‍ර‍ශ්නයක් වනුයේ වසර 75 ක් පුරා පරාධීන දේශපාලන හා සමාජ-ආර්ථික පිළිවෙතක් අනුගමනය කළ හා කරන සෑම සියළු දේශපාලන ප්‍ර‍වනතාවයකටම අයත් ශ්‍රී ලංකාවේ පාලක පංති ප්‍ර‍භූන් විසින් මෙතෙක් පවත්වාගෙන ගොස් ඇති මර්දනකාරී හා දූෂිත පාලන තන්ත්‍ර‍ය පෙරළා දැමීම කුමන බලවේගයක් සිදු කරන්නේද, එසේ පෙරළා දැමීමට හැකි වන්නේ නම්, ඉන් පසු කෙබඳු දේශපාලන - ආර්ථික ක්‍ර‍මයක් බිහිවන්නේද යන්නත්ය. එහෙත් එළඹීමට නියමිත ජනාධිපතිවරණයෙන් හෝ මහ මැතිවරණයකින් හෝ එබඳු වෙනසක් ඇතිවේයයි සිතීම සම්පූර්ණයෙන්ම මනෝමූල අදහසකි. මෙම තත්ත්වය තුළ ජනතාවට සහන සැලසෙන සැබෑ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී වෙනසක් ඇති කිරීම සඳහා ජනතාව බලමුළු ගැන්විය හැක්කේ කෙසේද යන්න පිළිබඳ…
Read More
මිනිස් ශිෂ්ටාචාරය බිද වැටීමේ අනතුරක්!බිලියන ගණනක් වන ගෝලීය මිනිස් ජනගහණය ඒ් සදහා සූදානම්ද?

මිනිස් ශිෂ්ටාචාරය බිද වැටීමේ අනතුරක්!බිලියන ගණනක් වන ගෝලීය මිනිස් ජනගහණය ඒ් සදහා සූදානම්ද?

“මෙය තාක්ෂණික හෝ විද්‍යාත්මක හෝ ගැටළුවක් නොවන්නේය; මෙය මානවයාගේ සමාජ-දේශපාලන වටිනාකම් පිළිබද ගැටළුවකි…” මෑත කාලීනව දේශගුණික හා කාලගුණික විපර්යාෂ සම්බන්ධයෙන් නිකුත්වී ඇති වාර්තාවලින් අනතුරු අගවා ඇත්තේ පාරිසරික විපර්යාෂ සම්බන්ධයෙන් කඩිනම් පියවර නොගතහොත් අද අප ජීවත් වන ලෝකයේ ඉරණම ඉතා අනතුරුදායක තත්ත්වයක පවතින බවයි.කාර්මික විප්ලවය ආරම්භවූ දිනවල පටන් පෘතුවිය ඉතා‌ වේගයෙන් උණුසුම් වීමට පටන් ගෙන ඇති බවත්, වත්මන් ලෝක ප්‍රජාවට මෙම තත්ත්වය වෙනස් කිරීමට ප්‍රමාණවත් පියවර ගැනීමේ වගකීම පැවරී ඇති බවත් විද්‍යාඥයන් බහුතරයක් විසින් පෙන්වා දී ඇත. මෙම පරිසර විනාශයන්ගෙන් වැඩි ප්‍රතිශතයක් සිදුවී ඇත්තේ 1975 න් පසු වන අතර 1880 තිබූ තත්ත්වයේ සිට මේ දක්වා ගෝලීය උෂ්ණත්වය වැඩිවීම සෙන්ට්‍රිගේට් අංශක 0.8…
Read More
ඉදිරියට එන ජන සංහාරය

ඉදිරියට එන ජන සංහාරය

Sai Englert ගාසා තීරයේදී ඊශ්‍රායලය ජන සංහාරයක් කිරීමට සූදානම් වෙමින් සිටී. එය එසේ කරන්නේ නිහඬව නොවේ. එය සෑම දිනකම එහි අභිප්‍රාය පුනරුච්චාරණය කරමින්, එය සිය වචනයෙන් සහ ක්‍රියාවෙන් ලෝකයට ප්‍රකාශ කරයි. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය Yoav Gallant ගාසා තීරයේ සිටින අයව විස්තර කළේ 'මිනිස් සතුන්' ලෙසයි. ඊශ්‍රායලය අවහිර කරන ලද මුළු තීරයටම ජලය, ඉන්ධන, විදුලිය සහ ආහාර කපා හරින බව ප්‍රකාශ කළේය. Likud නිලධාරීන් න්‍යෂ්ටික ප්‍රහාර මෙන්ම දෙවන Nakba ද ඉල්ලා ඇත. ඊශ්‍රායලයේ ජනාධිපති, Isaac Herzog, සිවිල් වැසියන් සහ සටන්කාමීන් අතර වෙනස ප්‍රතික්ෂේප කරමින්, 'එහි වගකිව යුතු සමස්ත ජාතියක්' බව ප්‍රකාශ කර ඇත. ඊශ්‍රායල හමුදා නිලධාරීන් පැහැදිලි කර ඇත්තේ ඔවුන්ගේ අරමුන…
Read More
Nagorno-Karabakh ගැටුම ගැන ඔබ දැනගත යුතු දේ!

Nagorno-Karabakh ගැටුම ගැන ඔබ දැනගත යුතු දේ!

අසර්බයිජානයෙන් වට වූ වාර්ගික ආමේනියානුවන්ගේ වාසස්ථානයක් වන නාගෝර්නෝ-කරබාක්හි වර්ධනය වන අර්බුදය ගැන පසුගිය දින කිහිපය තුළ අපට අසන්නට ලැබුණි. මේ වන විට දස දහස් සංඛ්‍යාත ජනතාවක් තම ජීවිතය සහ තම මව්බිමේ අනාගතය ගැන බියෙන් කලාපයෙන් පලා යති. ප්‍රවීණයන් අපේක්ෂා කරන්නේ ඉදිරි සති කිහිපය තුළ Nagorno-Karabakh හි ජීවත් වන ඇස්තමේන්තුගත පුද්ගලයන් 120,000 දෙනාම පාහේ ආර්මේනියාවට පිටව යා හැකි බවත්, යුරෝපයේ දොරකඩ තවත් සරණාගත අර්බුදයක් නිර්මාණය කළ හැකි බවත්ය. මේ වන විට ලෝකයේ බොහෝ දේ සිදුවෙමින් පවතින අතර, සෑම දෙයක්ම, විශේෂයෙන් සංකීර්ණ ලෙස පෙනෙන දේවල් වේගවත්ලෙස අර්බුදයකට ගමන් කරමින් තිබෙන බව පෙනේ. මෙම සියල්ල ගැන සාමාන්‍ය ලෝක ජනතාවට අවබෝධයක් ඇති කිරීම දුෂ්කර…
Read More
“1983 ජූලි දෙමළ විරෝධී සංහාරයෙන් වසර 40කට පසුවත් ඊට අදාල මූලික හේතු ආමන්ත්‍රනය කර නැත” – ලයනල් බෝපගේ

“1983 ජූලි දෙමළ විරෝධී සංහාරයෙන් වසර 40කට පසුවත් ඊට අදාල මූලික හේතු ආමන්ත්‍රනය කර නැත” – ලයනල් බෝපගේ

ලයනල් බෝපගේ මහතා විසින් ලියන ලද මෙම ලිපිය "විකල්ප" වෙබ් පිටුවෙන් උපුටා ගෙන නැවත පළ කරන ලදී. 1983 ජූලි දෙමළ විරෝධී සංහාරය ගැන ඇති තරම් ලියැවී තිබෙන අතර, අපරාධකරුවන් කවුදැයි කවුරුත් දනිති. 2009 මැයි මාසයේ දී සන්නද්ධ ගැටුම අවසන් වන තුරුම එය ශ්‍රී ලංකා ඉතිහාසයේ අඳුරුතම පරිච්ඡේදය ලෙස පැවතුනි. කෙසේ වෙතත්, 1983 ට පෙර ඉතිහාසය 1956, 1958, 1961, 1964, 1974, 1977 සහ 1981 දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයේ බොහෝ ප්‍රහාරයන් දැක තිබේ. 1983 ජූලි දෙමළ විරෝධී සංහාරය දශක දෙකහමාරක් දිගු සිවිල් යුද්ධය සඳහා වේදිකාව සකස් කළේය. එවකට සිටි ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් එජාප පාලනය උතුරු නැඟෙනහිර එල්ටීටීඊය විසින් ද, දකුණේ ජවිපෙ…
Read More
ජාතිවාදී බලවේග අවුස්සල පාරට ගන්න එක රනිල්ගේ උපායද?

ජාතිවාදී බලවේග අවුස්සල පාරට ගන්න එක රනිල්ගේ උපායද?

ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවිම වෙනුවෙන් 64 අවුරුද්දක් තිස්සේ ගහපු විසිල් දැන් ඇති. දැන් ඕන බල්ටි. ඥානසිරි කොත්තිගොඩ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පසුගිය ජූලි 26 දා “සර්ව පාක්ෂික” නමින් සමුළුවක් පැවැත්වුවා. “සංහිඳියාව ඇති කිරීම සඳහා වූ ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳවත්, උතුරු නැගෙනහිර සංවර්ධන සැලැස්ම පිළිබඳවත්” පක්ෂ නායකයන් දැනුවත් කිරීම මෙම සමුළුවේ අරමුණ බව තමයි ප්‍රකාශයට පත් වුනේ. එකී අරමුණු සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීම සමුළුවේ මුඛ්‍ය තේමාව බවත් ජනාධිපති මාධ්‍ය අංශය කියල තිබුණ. රනිල්ටත් මතක නැති හැටි! පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ පමණක් කැඳවමින් කරපු මෙම සමුළුව “සර්ව පාක්ෂික සමුළුවක්” වෙන්නේ කොහොමද කියල පළමුවෙන්ම දැන ගන්න කැමතියි. පාර්ලිමේන්තුවේ…
Read More